Photobucket

Friday, December 7, 2012

පුනරුත්ථාපනය කළත් පරණ පුරුදු එළියට එයි

රුපියල් 12,000 ක් වටිනා ඩීසල් ලීටර් 80 ක් සොරාගෙන ගිය බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයෙකු මේ මස 19 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දි මාරපන මහත්මිය නියෝග කළාය. සැකකරු අධිකරණයට ඉදිපරිපත් කළ තිරප්පනය පොලිසිය කියා සිටියේ සැකකරු යතුරු පැදියකින් පැමණ වෙළද සැලේ තිබූ රුපියල් 12,000 ක් පමණ වටිනා කමින් යුතු ඩීසල් ලීටර් 80 ක් සොරාගෙන ගිය බවට මීට සති කිහිපයකට උඩදී ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුව ගත් බවයි. 

මෙම තරුණයා මීට පෙරද සොරකම් කිරීමේ චෝදනාවන් වලට ලක් වී අධිනරණය හමුවේ වරදකරුවෙකු වී බදුල්ලේ පිහිටි තරුණ වරදකරුවන් පුණරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වූවෙකු බවත් සැකකරුගේ පියා වරද පිළිගෙන කඩ හිමියාට රුපියල් 8000 ක මුදලක් ලබාදී ඇති බවත් තිරප්පනය පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all