- ශ්රී ලංකා - පාකිස්තාන් උණුසුම් සටන අද
- තරගය ප.ව. 3.30ට
ජනාධිපති
මහින්ද රාජපක්ෂ කුසලාන අවු.23න් පහළ පාපන්දු තරගාවලියේ අවසන් සටනට
සුදුසුකම් ලැබිමේ තීරණාත්මක ශ්රී ලංකා-පාකිස්තානු තරගය අද (7දා) ප.ව.
3.30ට නාවලපිටිය ජයතිලක ක්රීඩාංගණයේදී පැවැත් වේ. මේ වන විටත් තරග 2ක්
ජයගෙන ඇති මාලදිවයින අවසන් සටනට සුදුසුකම් ලබා සිටියි. මාලදිවයින ගෝල
3-0කින් ශ්රී ලංකාව පරාජය කළ අතර, ගෝල 1-0කින් පාකිස්තානය පරාජය කළේය.
ඔවුනට අද තරග වැදීමට සිදුවී ඇත්තේ තරග 2ම පරාජය වූ බංගලිදේශයට එරෙහිවයි.
ප්රථම තරගයේදී මාලදිවයිනට පරාජය වූ ශ්රී ලංකාව බංගලිදේශය ගෝල් 1-0කින්
පරදවමින් අවසන් සටනට පිවිසීමේ බලාපොරොත්තු අලුත් කර ගත්තේය.
පාකිස්තානයද
ගෝල 1-0කින් බංගලිදේශය පරාජය කළ නමුත් ඔවුන් මාලදිවයින හමුවේ ගෝල් 1-0ක
පරාජයක් ලැබිය. මේ අනුව ශ්රී ලංකාව සහ පාකිස්තානය එක් තරගය බැගින් ජයගෙන
සිටින නිසා අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමේ
අවස්ථාව හිමිවී තිබේ. මෙවර තරගාවලියේදී ශ්රී ලංකා පිලේ දැල රකින්නා වන
සුජාන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී ඇති අතර, ඔහු බංගලිදේශයට එරෙහිව
දැක්වූ දස්කම් ඉහළ මට්ටමක විය.
මේ අනුව අද පාකිස්තානයට එරෙහි තරගයේදීත්
ඔහුට වැඩි වගකීමක් පැවරී ඇති අතර, දෙපිලම අවසන් තරගයට පිවිසීම අපේක්ෂා කරන
බැවින් තියුණු සටනක් ඇතිවනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම තරගාවලිය නැරඹීම සඳහා
අති විශාල නරඹන්නන් පිරිසක් නාවලපිටිය ජයතිලක ක්රීඩාංගණයට පැමිණි අතර, අද
තීරණාත්මක තරගයටද විශාල ක්රීඩා ලෝලී සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ. මාලදිවයින
සහ බංගලිදේශය අතර තරගය අද ප.ව. 1.30ට ආරම්භ වන අතර, ශ්රී ලංකා පාකිස්තානු
තරගය ප.ව. 3.30ට ඇරැඹේ. තරගාවලියේ අවසන් මහ තරගය ලබන 9දා ප.ව. 3.30ට
නාවලපිටිය ජයතිලක ක්රීඩාංගණයේදී පැවැත් වේ.
අනුර දිසානායක - නාවලපිටිය විශේෂ
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment