Photobucket

Tuesday, December 18, 2012

කෝන්ගහවෙල සහ කූඹියන්ගහඇළ සිසුහු හෙලිකොප්ටරයෙන් විභාගයට

අඹන්ගඟ පිටාර ගැලීම නිසා කෝන්ගහවෙල සහ කූඹියන්ගහඇළ විද්‍යාලවල විභාග ශාලාවලට පැමිණිය යුතු සිසුන් ගුවන් හමුදාව හෙලිකොප්ටර් යොදාගනිමින් විභාග මධ්‍යස්‌ථානවලට රැගෙනවිත් ඇත.

එමෙන්ම ජල ගැලීම් හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් විශාල පිරිසකට ඊයේ විභාග මධ්‍යස්‌ථාන වෙත යැමට නොහැකි වූ බව ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.

මේ අතර බදුල්ල කළුගඟකඳුර පාරේ ලොග්ගල්ලාඔය පාලම උඩින් අඩි 5 ක්‌ පමණ ජලය පිරී තිබීම නිසා මීගහකිවුල මහකඳුර විද්‍යාලයේ විභාග මධ්‍යස්‌ථානයට සිසුන් 20 කට පමණ යැමට නොහැකි වී තිබේ. එම මධ්‍යස්‌ථානයට යැමට විකල්ප මාර්ගයක්‌ ද නොමැති බව වාර්තා වෙයි.

මේ අතර මාතලේ පල්ලෙපොල විද්‍යාලයේ සිසුන් 170 ක්‌ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි විභාග මධ්‍යස්‌ථානය අවට අඩි 6 ක ජලයෙන් යටවීම නිසා එම සිසුන් බේරාගැනීම සඳහා බෝට්‌ටු යොදවා තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all