Photobucket

Tuesday, December 18, 2012

ගාල්ලට සහ මාතරටත් රතු වැස්සක්

ගාල්ල සහ මාතර ප්‍රදේශයේ ස්ථාන රැසකට  (17) උදෑසන රතු පැහැති ජලය සහිත වැස්සක් පතිත වී ඇත. කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති,  සනත් හෙට්ටිආරච්චි මහතාගේ නිවසට ආසන්නව ඇති එස්. කොඩිප්පිලි මහතාගේ නිවසේ ගෙමිදුලට මෙම  රතු පැහැති වැස්ස වැටී ඇත. 

මෙම නිවසේ පීල්ලකට තබා තිබූ වතුර බාල්දියකට එකතු කර ගෙන ඇති ජලය රතු පැහැති වන අතර පෙන සහිත තත්ත්වයක්ද පවතී. මේ බව දැන ගත් පසු මාතර ආපදා කළමනාකරණ ඒකකයේ හා ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වන ලදී. ගාල්ල , වඳුරඹ ප්‍රදේශයට  (17) උදෑසන 5.45 - 6.00 දක්වා මෙම වැස්ස ඇදහැලී   ඇත. ගස්වල පත්‍රවල රතු පැහැයන් දක්නට ලැබුණු බවත්  ප්‍රදේශවාසීහු පවසති. එම විනාඩි 15ක කාලයෙන්  පසුව ඇදහැලුණු වර්ෂාව  රතු පැහැ ගැන්වී  නැති බවද ප්‍රදේශවාසීහු පවසති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all