Photobucket

Tuesday, December 18, 2012

එංගලන්තයට ඉන්දියාවේදී ‍ඓතිහාසික ටෙස්ට් ජයක්

ඉන්දියාව සමග නාග්පූර් හී පැවැති සිවුවැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමාකරගත් සංචාරක එංගලන්ත පිල තරග 4කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තේය. 

ඒ අනුව වසර 28කට පසුව ඉන්දියාවේ දි ටෙස්ට් තරගමාලා ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.

සිවුවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වු ඊයේ තරගය නිමාවනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 352ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් ඉන්දියාවට වඩා ලකුණු 356ක් ඉදිරියෙන් සිටියේය. 

විශිෂ්ට පිති හරඹයක නිරත වූ ජොනතන් ට්‍රොට් සහ ඉයන් බෙල් සිවුවැනි කඩුල්ලට ලකුණු 208ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ. බෙල් නොදැවී ලකුණු 116ක් ලබා ගත් අතර ට්‍රොට් ලකුණු 143ක් රැස් කළේය.

තරගයේ වීරයා සම්මානය ඉන්දියා පළමු ඉනිමේ දී කඩුලු 4ක් දවාලූ ජේම්ස් ඇන්ඩර්සන් දිනාගත් අතර ඇලිස්ටෙයාර් කුක් තරගමාලාවේ වීරයා සම්මානය දිනා ගත්තේය.

එංගලන්තය පළමු ඉනිම – 330 (සියලු දෙනා දැවී) කෙවින් පීටර්සන් 73, ජෝ රූට් 73, මැට් ප්‍රියර් 57, ග්‍රෙහැම් ස්වාන් 56 (පියුස් චවුලා 69/4, ඉෂාන්ත් ෂර්මා 49/3) සහ දෙවැනි ඉනිම – 352/4- ජොනතන් ට්‍රොට් 143, ඉයන් බෙල් නොදැවී 116 

ඉන්දියාව පළමු ඉනිම – 326/9 (ඉනිම අත්හිටුවන ලදි) විරාත් කෝලි 103, මහේන්ද්‍ර සිං දෝනි 99 ( ජේම්ස් ඇන්ඩර්සන් 81/4, ග්‍රෙහැම් ස්වාන් 76/3)
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all