Photobucket

Tuesday, December 18, 2012

අනුමාන ප්‍රශ්න පත්‍රය සමාන වුනේ අවුරුදු 19ක අත්දැකීම නිසාලු

සාමාන්‍ය පෙළ විභාගයට අදාල විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 18ක් ඇති අනුමාන ප්‍රශ්න පත්‍රයක ලබා දුන් බව කියන ටියුෂන් ගුරුවරයාගෙන් ඊයේ රහස් පොලිසිය පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කොට තිබෙන අතර ඔහු ප්‍රකාශ කොට ඇත්තේ තමන් අවුරුදු 19ක් උපකාරක පන්ති පවත්වන බවත්,විභාගයට පෙර පරණ ප්‍රශ්න පත්‍ර පරිශීලනය කොට මේ ප්‍රශ්න පත්‍රය සැකසූ බවත්ය. දිගු කලක් මේවා පරිශීලනය කරන අයෙකුට රටාව හදුනා ගත හැකි බවද ඔහු පවසා තිබේ. අදාල රූප සටහන සකල් කළේ කෙසේද කියා ඔහුගෙන් ප්‍රශ්න කොට ඇති අතර එය විෂය නිර්දේශයේ තිබෙන රූප සටහනක් බවත් පවසා තිබේ. 

මේ අතර මෙම ප්‍රශ්න පත්‍රය සකස් කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන්ද ප්‍රශ්න කොට ඇතැයි වාර්තා වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all