Photobucket

Tuesday, December 18, 2012

ලක්‌දිවට ධාතුන් වහන්සේ වැඩම කළේ කාන්තාවක නම් දළදා මාලිගයේ දියවඩන නිලමේ තනතුරට කාන්තාවකට ඉදිරිපත් වීමට නොහැකි ඇයි?

දළදා මාලිsගයට ධාතුන් වහන්සේ වැඩම කරවීමට එදා කාන්තාවකට හැකි වූවා නම් දළදා මාලිsගයේ දියවඩන නිලමේ තනතුරට ඉදිරිපත් වීමට නොහැකි ඇයිදැයි ගැන කාන්තාවන් ප්‍රශ්න කරනවා යෑයි යුද්ධයේදී විපතට පත්වූ කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි විශාකා ධර්මදාස මහත්මිය අම්පාරේදී පැවැසුවාය.

අම්පාර සේවා ලංකා ආයතන රැස්‌වීම් ශාලාවේදී පැවැති මෙම රැස්‌වීමට පැමිණි පොලිස්‌ යුද හමුදා සාමාජිකයන් ඇතුළු කාන්තා සමිති නිලධාරීන් දැනුවත් කරමින් ඇය තවදුරටත් මෙසේ ද කීවාය.

ඉන්දියන් සාම සාධක හමුදාවෙන් යාපනය ප්‍රදේශයේ කාන්තාවන්ට විශාල හිංසාකාරි සිදුවීම් වුණා. අද වනවිට අපේ රටේ අවුරුදු පහක හයක ගැහැනු දරුවකුටවත් නිදහසේ ඉන්න නොහැකි තත්ත්වයක්‌ උදාවෙලා. මහාමාර්ග කොතරම් ඉදිවුණත් ජනතාවට සතුටක්‌ නොමැති නම් මෙය දියුණු වෙන්නේ නෑ. ගෙදර බුදුන් වැඳලා පාසලට ගියාම ගුරුවරයාගෙන් දරුවට ආරක්‌ෂාවක්‌ නොමැති නම් වෙනත් කිවයුතු දෙයක්‌ නෑ. එදා පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට කාන්තාවක්‌ ස්‌වර්ණාභරණ පැළඳගෙන ගියත් අද තිබෙන ආර්ථිකය අනුව රන් භාණ්‌ඩ පැළඳගෙන පාරට බහින්න බැහැ.

1325 කණ්‌ඩායමේ කොළඹ නියෝජිත ඩල්සි ද සිල්වා මහත්මිය.

පළාතටම වැඩක්‌ කළයුතු පුද්ගලයන් පළාත් සභාවට හා ප්‍රාදේශීය සභාවට යෑවිය යුතුයි. කාන්තාවන් අපේ රටේ දෙවැනි පුරවැසියන් හැටියට සැලකෙනවා. ලෝකේ පළමුවැනි අගමැතිනිය බිහිකළේ ශ්‍රී ලංකාවෙන්. ඇය සිරිමා බණ්‌ඩාරනායක මහත්මියයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all