Photobucket

Tuesday, December 18, 2012

කලම්බු නයිට් රේස් සුපිරි මෝටර් රථ ඉසව්වෙන් ඩිලන්ත මාලගමුව ජයගනී

ආසියාතික මෝටර් රථ ධාවන සංගමයේ සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවන සංගමයේ සහයෝගය ඇතිව කාල්ටන් ක්‍රීඩා සමාජය කොළඹදී පැවැත්වූ කලම්බු නයිට් රේස් මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරගවලදී ශ්‍රී ලංකා තරගකරුවන් විදෙස් තරගකරුවන්ට ප්‍රබල තරගකාරීත්වයක් ලබාදෙමින් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූහ.

මෙම තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබූ ජී.ටී. 3 සහ ජී.ටී. 4 (අංක 1) මෝටර් රථ තරගයට සහභාගි වූ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව “ලැම්බෝගිනි” රථයකින් තරග වදිමින් ජයග්‍රහණය ලබා ගත්තේ විදෙස් ධාවන ශූරයින් දෙදෙනෙක් වූ ජපානයේ තටියාමා සහ මැ‍ලේසියාවේ සෙක්ලෝ දෙදෙනා දෙවැනි සහ තෙවැනි තැනට පත්කරමිනි.

තවත් සුවිශේෂ ඉසව්වක් වූ වොක්ස්වගන් ‍පෝලෝ කුසලාන මෝටර් රථ තරගයේදී පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන තුනම දිනා ගත්තේ විදෙස් තරගකරුවන් තිදෙනෙකි.  

නීමට විරේන් බොතේජු සමත් වූ අතර, යතුරු පැදි ධාවන තරගවලදී ශිරාන් සැමුවෙල් රේසිං මොඩිෆයි සී.සී. 250ට වැඩි ඉසව් දෙකක ජයගහණය ලැබිමට සමත් විය.

මෙවර කලම්බු නයිට් රේස් තරග නැරඹීමට ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් කොටුව සහ ගාලු මුවදොර අතර ධාවන පථය වටා රොක් වී සිටියහ.

තරග ප්‍රතිඵල

මෝටර් රථ තරග
මැක්ලරන්ස් ෆෝමියුලා :- 1. විරෙන් බොතේජු, 2. ක්ලෙමන්ට් සේනාරත්න, 3. තරිඳු ගමගේ
වොක්ස්වගන් ‍පෝලෝ තරග :- 1. මුජාල් සව්ලා, 2. සන්දීප් කුමාර, 3. අමෙයා බෆ්නා
ජී.ටී. 3 /ජී.ටී. 4 තරගය :- 1. ඩිලන්ත මාලගමුව, 2. කටායාමා, 3. සෙන්ලෝ
සී.සී. 1600 හොන්ඩා සිවික් :- 1. අශාන් සිල්වා, 2. ඩිලාන් සෙනෙවිරත්න, 3. එම්. ඩැඩ් හුසේන්
ටොයොටා එටියෝස් (2) :- 1. විරෙන් බොතේජු, 2. ක්ලෙමන්ට් සේනාරත්න, 3. තරිඳු ගමගේ
සී.සී. 3500ට වැඩි :- 1. ජනක ඩයස්, 2. අශාන් සිල්වා, 3. අභීත දංගල්ල
ටොයොටා එටියෝස් (1) :- 1. අකිල් රබින්ද්‍රා, 2. මිසාන් ඇනීස්, 3. බිනෝයි ජෝන්
සී.සී. 1600 :- 1. අශාන් සිල්වා, 2. ඩිලාන් සෙනෙවිරත්න, 3. එට්ඩාඩ් හුසේන්

යතුරු පැදි තරග
සී.සී. 100 සිට ඉහළට :- 1. ෂිරාන් සැමුවෙල්, 2. ජෙඩාන් ගුනවර්ධන, 3. රොහාන් බුල්ජන්ස්
එස්.එම්. සුපර් මෝටාඩ් - විවෘත :- 1. නෙඩ් ඩැනියෙල්, 2. ගයාන් සඳරුවන්, 3. සුරාජ් පෙරේරා
සී.සී. 250ට වැඩි :- 1. ශිරාන් සැමුවෙල්, 2. නෙඩ් ඩැනියෙල්, 3. පුනානා ප්‍රසාදි
සී.සී. 175ට වැඩි :- 1. ශිරාන් සැමුවෙල්, 2. නෙඩ් ඩැනියෙල්, 3. මධුරංග කල්දේරා 

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all