Photobucket

Tuesday, December 18, 2012

ඒප්‍රනය ගැන ප්‍රශ්නයෙන් සැත්කම පමා කළ බව කියන දොස්‌තර ගැන පරීක්‍ෂණ

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙක්‌ තමාට ලබාදුන් ඒප්‍රනය හොඳ නැතැයි කියමින් නිර්වින්දනය කළ රෝගියකු පැය දෙකක්‌ තිස්‌සේ සැත්කමකට භාජන නොකර ප්‍රමාද කරවූ බවට පුවතක්‌ පසුගියදා මාධ්‍යවල පළ වී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධව වහාම වාර්තාවක්‌ තමන්ට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා තීරණය කර ඇති අතර නිලධාරීන් පිරිසක්‌ අනුරාධපුර රෝහල වෙත යෑවීමට ද තීරණය කර ඇත.

මෙම පරීක්‍ෂණයෙන් ලබාදෙන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් තීරණයක්‌ ගන්නා බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all