සිරිපා මළුවට මීටර සියයක් තරම් නුදුරින් පිහිටි "භගවා
ලෙන" හෙවත් "දිවා ගුහාව" යෑයි මෑතකදී ප්‍රසිද්ධියට පත්
කුඩා ලෙන බෞද්ධ ඉතිහාසයේ පැමිණෙන දිවාගුහාව බවට කිවහැකි
කිසිම ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධකයක් දැනට හඳුනාගත
නොහැකි බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත්
දිසානායක මහතා පැවැසීය. (19 වැනිදා) සවස පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ පුවත්පත් සාකච්ඡාවකදී
හෙතෙම මේ බැව් සඳහන් කළේය.
ඒ මහතා එම ප්‍රකාශය කරනු ලැබුවේ පසුගිය සඳුදා (17වැනිදා)
සිරිපා මළුවට නුදුරින් පිහිටි මෙම ලෙන නිරීක්‍ෂණය කිරීමෙන්
අනතුරුවය. මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා ඔහුත් සමඟ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා තාක්‍ෂණ විද්‍යා
සොයාගත්තේ අංශයේත්, වාස්‌තු විද්‍යා සංරක්‍ෂණ අංශයේත්,
නඩත්තු අංශයේත් අධ්‍යක්‍ෂවරු සහභාගි වී තිබුණහ.
වංශකථානුගත සාධක සමඟ හෝ මෙම ලෙනෙහි පිහිටීම හා ප්‍රමාණය නොසැසඳෙන ආකාරයත්, මෙම ලෙන භගවා ලෙනනම්, මේ ලෙනෙහි සෙල්ලිපි කෙටූ නිශ්ශංකමල්ලයන් ඒ වග සඳහන් නොකිරීමට කිසිම හේතුවක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම පුවත්පත් සාකච්ඡාව සඳහා ශාස්‌ත්‍රපති මාතර ආනන්දසාගර හිමියෝද, මහාචාර්ය ජී. ටී. කුලතුංග, මහාචාර්ය රාඡ් සෝමදේව, මහාචාර්ය ගාමිණී අධිකාරි, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් නන්දා වික්‍රමසිංහ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්‌තු විද්‍යා සංරක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ ප්‍රසන්න රත්නායක යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.
මහාචාර්ය කුලතුංගයන් පවසන්නේ "ශ්‍රී පාදස්‌ථානය පිළිබඳ අනුරාධපුර යුගයේ වන ලිත සාධක ඉතාම අල්පය. භගවාලෙන යන පදය මුලින්ම භාවිත වන්නේ 13 වැනි සියවසේ මයුරපාද පිරුවෙන්පති හිමියන් ලියූ පූජාවලියේය. අනුරාධපුර, පොළොන්නරු මුල් කාලවලදී ලියන ලද කිසිම ලේඛනයක ලෙනක බුදුන් දිවා විහරණය කළ වග දක්‌වා නැත. එබැවින් මෙවැනි සොයාගැනීම් ගැන එකවර පුරාවිද්‍යාත්මක නිර්නායක ඉල්ලීම සුදුසු නොවේ" යන්නයි.
මෙහිදී අදහස් දැක්‌වූ විද්වත්හු භගවාලෙන හෝ දිවා ගුහාව සොයා දෙන ලෙස සමාජය ඉල්ලා නොසිටි බව දැක්‌වූහ. ලෙනක් සොයාගෙන එය භගවා ලෙන හෝ දිවා ගුහාව ලෙස පිළිගන්නට බලකිරීම සදාචාර විරෝධී බවත්, පුරාවිද්‍යාඥයාගේ කාර්යය ඉතිහාසය භෞතික සාධක ඇසුරින් සනාථ කිරීම බවත් දක්‌වා සිටියහ.
බුදුන් මහියංගනයේ දිවා විහරණය කළ බව ඔප්පු කරන්න කියලා පුරාවිද්‍යාඥයකුට කියන්න එපා..... එය භෞතිකව ඔප්පු කරන්න බෑ. එහෙම ඔප්පු කළේ නෑ කියලා බුදුන්ගේ ලංකා ගමන සිද්ධවුණේ නෑ කියන්න බෑ. ආගමික හා ශ්‍රද්ධාවට අදාළ සාහිත්‍යයක් ඇසුරින් ගොඩනැඟුණු සම්ප්‍රදායත් සමඟ විද්‍යාව පටලවා ගන්න එපා. ඒවා සම්බන්ධව විද්‍යාත්මක පරීක්‍ෂණ කරන්න ගියොත් බරපතළ ගැටලු රාශියක් මතුවෙනවා යෑයි එහිදී විද්වත්හු පැවසූහ.

0 comments:
Post a Comment