Photobucket

Thursday, December 20, 2012

සංස්‌ථාවේ ඩීසල් හොරෙන් විකුණද්දී කොටුවුණු සේවකයෝ යළි රිමාන්ඩ්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට අයත් ඩීසල් බවුසර් තුනකින් හොරෙන් ඩීසල් අලෙවි කරමින් සිටියදී හලාවත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා දෙවන වරටත් 2013 ජනාවාරි 01 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට පෙරේදා (18 දා) හලාවත මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් නියම කෙරිණි.

සංස්‌ථාවේ සේවකයන් වන රියෑදුරන් තිදෙනා සහායකයන් තිදෙනා සහ ඩීසල් මිලදී ගත් අය පසුගිය 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබිණි.

විකුණන ලද ඩීසල් ලීටර් 170 ක්‌ පුරවන ලද ප්ලාස්‌ටික්‌ බූලිද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all