Photobucket

Thursday, December 20, 2012

වට්ටක්කා බබා

ඔක්තෝබර් මාසයේ අවසානයත්් (31) සමග එළඹි “හැලෝවීන් උත්සවය” සැමරීමට වැඩිහිටියන් විවිධ බියකරු ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු අතරේ, මේ සිඟිත්තාට සිදුවූයේ වට්ටක්කා ගෙඩියකට බැසීමටය. නම මසක් වයසැති සිඟිති “කෝල් තෝන්ටන්” හටද උත්සව පී්‍රතිය ලබාදීමට උත්සාහ දැරූ ඔහුගේ පියා වන ක්‍රිස්ගේ අපූරු සිතිවිල්ලකට අනුවයි කුඩා කෝල් හට මේ අපූරු හැලෝවීන් ඇඳුම  හිමි වූයේ තම බිලිිඳු පුතුගේ රුව යොදා දින දර්ශනයක් සැලසුම් කරමින් සිටින ක්‍රිස් ඔක්තෝබර් මාසය සඳහා හැලෝවීන් උත්සවය සකේතවත් කරන යමක් යොදාගැනීමට අදහස් කොට තිබිණි. 

බ්‍රිතාන්‍යයේ බටහිර යෝක්ෂයර්හි කාසල්ෆෝඩ්හි වෙසෙන කෝල් බිලිඳාට වට්ටක්කා ගෙඩියකට බැසීමට සිදුවූයේ ඒ නිසයි. ඡායාරූපය ගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් වට්ටක්කා ගෙඩිය තුළ හිඳසිටීමට කුඩා කෝල් ඉදිරිපත් වූ බවයි කියැවෙන්නේ. අවුරුද්ද පුරා කෝල් වැඩුණු ආකාරය දැක්වෙන ඡායාරූප ඇතුළත් කොට සකස් කරන ලද දින දර්ශනය සිය නෑදෑ හිතමිතුරන්ට තැපැල් කිරීමට ක්‍රිස් හා ලින්ඩ්සි යුවළ බලා‍පොරොත්තු වන්නෝය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all