Photobucket

Thursday, December 20, 2012

ඉක්වදෝරයේ ගිනිකන්දක් පුපුරයි

ඉක්වදෝරයේ ‘ටුන්ගුරාහුආ’ ගිනිකන්ද විසින් අළු මිශ්‍රිත උණුසුම් වාෂ්ප පිට කිරීම ඇරඹීමත් සමග ගිනිකන්ද අවට ප්‍රදේශයේ වෙසෙන්නන් නිවෙස්වලින් ඉවත් කිරීමට ඉක්වදෝර බලධාරීහු පියවරගනු ලැබූහ. ‘කුයිටෝ’ අගනුවරින් ඔබ්බෙහි පිහිටා ඇති ‘ටුන්ගුරාආ’ ගිනිකන්ද දිගු කාලයක් අක්‍රියව පැවතීමෙන් පසුව 1999 වසරේදී යළිත් ක්‍රියාකාරී විය.

පසුගිය සතියේ සිට ගිනිකන්ද නැවත වරක් පුපුරා යාමේ සලකුණු නිකුත් කිරීමට පටන්ගෙන ඇති අතර, ගිනිකන්ද අසල පිහිටි ‘බැනෝස්’ නගරයටද අළු වර්ෂාවක් පතිතවීම හේතුවෙන් එහි පාසල් වසා දමා තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all