Photobucket

Thursday, December 20, 2012

මාසයක් සැලසුම් කර බිරිය සහ දරුවන් ඝාතනය කලේ විසි හැවිරිදි පෙම්වතිය හා විවාහ වීමටයි...

රත්මලාන ත්‍රිත්ව ඝාතන අබිරහස හෙළිවෙයි

රත්මලානේදී බිරිය සහ දරුවන් දෙදෙනා මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇඟලුම් සමාගම් සහකාර කළමනාකරු මාසයක් තිස්සේ එම ඝාතනය සැලසුම් කර ඇතැයි ‍පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබෙනවා. 

සැකකාර සහකාර කළමනාකරු මාසයකට පමණ ඉහතදී පෞද්ගලික ආයතනයක සේවය කරන විසි හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් අතිකරගෙන තිබි ඇති අතර ඇයව විවාහකර ගැනීමේ අරමුණින් මෙම ඝාතනය කරන්නට ඇතැයි ‍පොලීසිය සැක කරනවා.  

සිය බිරිය වෙනත් පුද්ගලයෙක් සමග ඇසුරක් ඇති බවට චෝදනාවක්ද ඒත් සමගම සැකකරු එල්ලකර තිබෙනවා. එහෙත් ඒ බවක් විමර්ශන වලින් හෙළි නොවන බව ‍පොලීසිය කියනවා

නිදි ඇඳේ සිටි බිරියගේ ගෙල මිරිකා ඇයව මරා දැමීමට තමා සූදානම් වූ බවත් බිරිය එහිදී දඟලන විට තුන් හැවිරිදි දරුවා ඇහැරීමෙන් එය දුටු බැවින්
ඔහුගේද ගෙල මිරිකා මරා දැමූ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා. දරුවන් දෙදෙනා මරා දැමීමට තමන්ට කිසිදු උවමනාවක් නොතිබුණු බවද ඔහු පවසා තිබෙනවා.

එහෙත් ඔහුට එසේ දරුවන් දෙදෙනා මරා දැමීමට උවමනාවක් නොතිබුණි නම් පණපිටින් බාල දරුවා පිළිස්සී මිය යන්නට කාමරයට ගිනි තබන්නේ ඇයි දැයි ගැටලුවක් වී ඇතැයි ‍පොලීසිය කියනවා.

මළ සිරුරු ගිනි තබන්නට ඔහු කල්තියා සැලසුම්කර තිබි ඇතැයි පෙනී යන බවත් බිරිය සහ දරුවා මරා දැමීමෙන් පසු කාමරයේ තිබුණු සුවඳ විලවුන් බෝතලය ඔවුන්ගේ සිරුරුවලට විසිරුවා අනතුරුව මළසිරුරට ගිනි කූරක් දල්වා තිබෙන බවත් ‍පොලීසිය කියනවා

එහිදී ඉටිපන්දම දල්වා ඇත්තේ එය අනතුරක් බව පෙන්වීමට බවත් මළ සිරුරු දැවී අඟුරු වූ පසු අපරාධය වසන්කළ හැකි බව සැකකරු සිතා සිට ඇති බවත් ‍පොලීසිය කියනවා.

සැකකරුව (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍පොලීසියේ ඉල්ලීම මත පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය අවසර දී තිබෙනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all