Photobucket

Monday, December 17, 2012

ශ්‍රී ලංකා යූත්-රූපවාහිනී වොලිබෝල් අභියෝග ශූරතා අනුර‘පුර හා මාවතගම යෞවනයෝ රැගෙන යති

ශ්‍රී ලංකා යූත්-රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ යෞවන සමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා පැවැති අභියෝග ශූරතා පිරිමි අංශයේ ජයග්‍රහණය අනුරාධපුර රෙඩ් කැප් හා කාන්තා අංශයේ ජයග්‍රහණය මාවතගම කැෂුවලයින් , යෞවන සමාජ දිනා ගත්හ. 

ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසි අට වැනි වරටත් සංවිධානය කළ මේ තරගාවලියේ අභියෝගතා පිරිමි අනුශූරතාව රුවන්වැල්ල රාජසිංහ යෞවන සමාජය හා කාන්තා අනුශූරතාව ආනමඩුව මධ්‍ය මහා විදුහල් යෞවන සමාජය දිනා ගත්හ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා නිමාවට පත්වූ අවසන් තරග උණුසුම් මුහුණුවරක් ගත් අතර සුපර් ලීග් පිරිමි ශූරතාව යුද හමුදාව 3-1 කින් පැරදවූ වරාය අධිකාරිය දිනා ගත්තේය. ලකුණු තත්ත්වය වූයේ 25-15,25-23,22-25, හා 30-28කි. සුපර් ලීග් කාන්තා ශූරතාව මාවතගම කැෂුවලයින් පිල 3-0කින් පැරදවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමිකර ගත් අතර ලකුණු තත්ත්වය වූයේ 25-20,25-18 හා 25-14ක් ලෙසිනි.එම අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වරාය අධිකාරීයේ ජනිත් සුරත් හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ ඉරේෂා උමයාංගනී සම්මාන දිනා ගත්හ.

අභියෝග ශූරතා පිරිමි අංශයේ අවසන් තරගයේදී අනුරාධපුර රෙඩ් කැප් යෞවන සමාජය වෙතින් 3-2ක් ලෙස රුවන්වැල්ල රාජසිංහ යෞවන සමාජය පරජයට පත්වූ අතර ලකුණු තත්ත්වය 25-21,21-25,20-25,25-17 හා 15-11 ක් විය.එහි කාන්තා අංශයේ අවසන් තරගයේදී මාවතගමකැෂුවලයින් යෞවන සමාජය වෙතින් 3-1ක් ලෙස ආනමඩුව මධ්‍ය මහා විදුහල් යෞවන සමාජය පරාජයට පත්වූයේ 25-12,23-25,25-17 හා 25-14ක් ලෙසිනි. එම අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස රාජසිංහ යෞවන සමාජයේ එස්.පී.ඒ,එල්.පී.පතිරණ,දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කැෂුවලයින් පිලේ හිරුණි චාපා සම්මාන දිනා ගත්හ.

සුපර් ලීග් අංශයේ ශූරතාව දිනාගත් කණ්ඩායම් දෙකට රුපියල් ලක්ෂය බැගින්ද අනුශූරයන්ට රුපියල් පනස්දහස බැගින් ද පිරිනැමුණි. 

අභි‍යෝග ශූරතාව දිනාගත් පිරිමි කාන්තා කණ්ඩායම් දෙකට රුපියල් පනස්දහස බැගින් පිරිනැමූ අතර අනුශූරතා දිනා ගන්නා කණ්ඩායම් දෙකට රුපියල් 30000බැගින් ප්‍රදානය කිරීම යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all