Photobucket

Monday, December 17, 2012

නිර්වින්දනය කළ රෝගියා පැය 2ක් ශල්‍යාගාරයේ

ඒප්‍රනය හොඳ නැතැයි වෛද්‍යවරයා ශල්‍යකර්මය කර නෑ

හිසේ ශල්‍යකර්මයක් සිදුකර ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි රෝගියකු නිර්වින්දනය කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මය සිදු කිරීම සඳහා සූදානම් වූ වෛද්‍යවරයාට ලබා දුන් ඒප්ප්‍රන් (පෙරවැස්ම) හොද නැතැයි කියා රෝගියාට ශල්‍යකර්මය සිදු නොකර පැය 02ක කාලයක් නිර්වින්දනය කළ රෝගියාගේ ජීවිතය අවදානමට ලක් කරමින් ශල්‍යාගාරයේ රෝගියා තබාගෙන සිටි එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් වහාම විනය පියවරක් ගන්නා ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කරති.

මෙසේ ජීවිත අවධානමට ලක්ව ඇත්තේ පසුගිය 11 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සී ශල්‍යාගාරයට හිසේ සැත්කමක් සඳහා පැමිණි එම්. රුවනේත්‍රම් නැමැති රෝගියායි. ඔහුගේ ඇද ඉහපත් අංකය වනුයේඕඩ්ඊ- 12112822යි.

රෝගියා එදින උදෑසන 10.30ට පමණ නිර්වින්දන වෛද්‍යවරිය විසින් නිර්වින්දනයට ලක් කර ඇති අතර පසුව ශල්‍යකර්මය සිදු කිරීම සඳහා පැමිණි වෛද්‍යවරයා සියලු ඇඳුම් ආයිත්තම්වලින් සැරසී ඉටි රෙද්දෙන් සැකසූ පෙරවැස්ම පැලඳීමට යෝග්‍ය නැති බව පවසා ශල්‍යකර්මය සිදු කිරීමට අකමැත්ත පළ කර ඇත. ඒ අනුව නිර්වින්දනයට ලක් කළ රෝගියා පැය 02 කට පමණ ආසන්න කාලයක් ශල්‍යාගාරය තුළ තබා ඇත. ඉන් පසුව එහි පැමිණි ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වහාම රෝගියාගේ ජීවිතය අවදානම් තත්ත්වයට පත්වීමට ඉඩ නොදී ඔහු ශල්‍යකර්මය සිදු කර ඇත.

වෛද්‍යවරයාගේ මේ නොමනා ක්‍රියාව සම්බන්ධයෙන් නිර්වින්දන වෛද්‍යවරයා රෝහල් පරිපාලනයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත් 15 වැනිදා සවස් වන විටත් ඔහු සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණු බව රෝහල් කාර්ය මණ්ඩලය පවසන අතර යම් හෙයකින් රෝගියා නිර්විදනය කර සිටිද්දී මිය ගියේ නම් මෙය ස්වාභාවික මරණයක් බවට ඒත්තු ගැන්වීමට වෛද්‍යවරුන්ට හැකියාව ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලය පවසති.

අනවශ්‍ය පරිදි නිර්විද්නය කිරීමෙන් රෝගියෙකුට ඇදුම රෝගය ඇතුළු විවිධ රෝග හට ගැනීමට හැකි බවත් ඊට අමතරව රෝගියාගේ ජීිවතයෙන් වන්දි ගෙවීමට සිදු වීමට බොහෝ ඉඩ කඩ ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලය පවසති.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.අතපත්තු මහතාගෙන් 15 වනදා රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබා ගනිමින් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ නිර්වින්දන වෛද්‍යවරිය තමන්ට මේ සම්බන්ධව පැමිණිල්ලක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත් පරීක්ෂණයෙන් අනතුරුව ඉදිරියේදී මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කර බවත්ය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all