Photobucket

Monday, December 17, 2012

ඝාතනයට ලක්වූ අමෙරිකානු දරුවන්ගේ අවමංගල දේවමෙහෙයට ඔබාමාත් යයි

අමෙරිකාවේ සැන්ඩි හුක් ප්‍රාථමික පාසලේ ඝාතනයට ලක්වූ සිසු දරු දැරියන් 20 දෙනා හා වැඩිහිටියන් හත් දෙනා වෙනුවෙන් පැවැති විශේශ අවමංගල දේව මෙහෙයට අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාද ඊ‍යේ සහභාගී වීමට නියමිත විය ‍. ‍

මේ අතර අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය ආසන්නයේ නිව්ටවුන්හි පිහිටි සැන්ඩි හුක් ප්‍රාථමික පාසලකට කඩා වැදී කුඩා දරුවන් 20 දෙනකු හා තවත් පිරිසක් අමුඅමුවේ මරාදැමු 24 හැවිරිදි ඇඩම් ලන්සා නම් තරුණයා පාසල් වැඩවලදී ඉතා බුද්ධිමත් එහෙත් අස්වාභාවික හැසිරීම් රටාවක් පෙන්වූ නිහඬ තරුණයකු බව ඔහුගේ පාසල් මිතුරෝ මේ අතර පවසති. 

සිය මව වු නැන්සි ලන්සාට අයත් බුෂ් මාස්ටර් .233 වර්ගයේ රයිෆලයක් ඇඩම් ලන්සා මේ ඝාතන සඳහා යොදා ගනු ලැබූ අතර එය හමුදා මෙහෙයුම් සඳහා යොදා ගන්නා එකකි. 
 
ඇඩම් ලන්සාගේ මව සතුව තවත් තුවක්කු එකතුවක් තිබුණු බවද මේ සියල්ල බලපත් සහිත බවද වාර්තා විය.

සිය මවගේ මුහුණට පළමු කොට වෙඩි තබා ඇය මරා දැමූ ලන්සා අනතුරුව මෙම පාසලට කඩාවැදී හයක් හතරක් නොදන්නා වයස අවුරුදු 6ත් 7ත් අතර පුංචි දරුවන් 20දෙනකුටත් අවට සිටි ගුරුවරියන් ඇතුළු තවත් 20 දෙනකුටත් ඉවක් බවක් නොමැතිව‍ වෙඩිතබා අනතුරුව ඔහුද වෙඩි තබාගෙන මිය ගියේය.

ලන්සා පවුල එම ප්‍රදේශයේ සෙසු අය සමඟ වැඩි සබඳතාවක් නොපැවැත්වූ බවද ඔවුන් ගැන එතරම් තොරතුරක් නොදන්නා බවද ඔවුන්ගේ නිවස අවට පදිංචි කරුවෝ කීහ.

ඇඩම් ලන්සාගේ පියා පීටර් ලන්සා ඔහුගේ මවගෙන් දික්කසාද වී වෙනමම ජීවත්වූ අතර මෙම ඝාතන පිළිබඳ ඔහු දැඩි කම්පනයටත් ශෝකයටත් පත්ව සිටින බව පැවසේ .

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all