Photobucket

Monday, December 17, 2012

සා.පෙළ විභාගයට දුන් විද්‍යාව ප්‍රශ්න 19 ක්‌ ටියුෂන් ප්‍රශ්න පත්‍රයේ!

(15 වැනිදා) පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 19 ක්‌ ඒ ආකාරයෙන්ම ඊට පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු විසින් සිසුන්ට ලබා දී ඇති බවට වාර්තා වී ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

මෙම අනුමාන ප්‍රශ්න පත්‍රය සපයා ඇත්තේ විද්‍යාවේ මහා ඇදුරුදු ලෙස සඳහන් කරමින් උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු බව පැවසේ. උපකාරක පන්තිවලට සහභාගි වූ දරුවන්ට මේ ගුරුවරයා ලබාදුන් ප්‍රශ්න 50 ක ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්නවලින් 19 ක්‌ ඒ අයුරින්ම මෙවර විභාග දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ සඳහන්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම ගුරුවරයා විසින් අනුමාන ප්‍රශ්න 50 ක්‌ දරුවන්ට ලබා දී ඉන් ප්‍රශ්න 26 ක්‌ මුහුණු සලකුණ යොදා විශේෂ කර තිබෙන බවත් ඒ 26 න් 19 ක්‌ රූපසටහන් සහ අකුරක්‌ හෝ නොවෙනස්‌ව සා.පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහි වඩාත් විමතියට හේතුව නම් සාමාන්‍ය දැනුම විමසා බැලීම සඳහා ලබා දී ඇති විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍රයේ 38 සහ 40 ප්‍රශ්න දෙක අකුරක්‌වත් වෙනස්‌ නොවී උපකාරක පන්ති ගුරුවරයාගේ ප්‍රශ්න පත්‍රයේ ඒ අයුරින්ම සඳහන්ව තිබීම යෑයි ද හෙතෙම කීය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්‌ථාන 4048 කදී දරුවන් 5,42,260 ක්‌ පෙනී සිටින බව කී ජයසිංහ මහතා මෙම හෙළිකිරීම සම්බන්ධයෙන් තම සංගමය පිළිබඳව සොයා බැලීමට වඩා මීට සම්බන්ධ අයට දඬුවම් දීම සහ අසාධාරණයට ලක්‌වන දරුවන්ට සාධාරණය ඉටුකරදීම වඩාත් යෝග්‍ය බව බලධාරීන්ට අවධාරණය කර සිටින බව ද කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all