Photobucket

Monday, December 17, 2012

තුට්‌ටු දෙකේ වෙබ් අඩවි මම බලන්නේ නැහැ - අයෝමිට මල පනී

ඔය ප්‍රවෘත්තිය දැම්මේ මගෙන් කිසිම දෙයක්‌ අහන්නේ නැතිව...

ඒ අය හොයලා වෙන්න ඇතිනේ දාන්න ඇත්තේ... ඒ නිසා එයාලගෙන්ම අහන්න...

ජීවිතය ලස්‌සනයි නමැති ටෙලිනාට්‍යයේ සුදුනංගි නම් චරිතයෙන් වැඩිදෙනකු හඳුනාගත් අයෝමි ශානිකා දැනට ආයුර්වේද වෛද්‍යවරියක ලෙසද කටයුතු කරනවා. ඇය පසුගිය කාලයේ නම් පුවත්පත්වලට පවසලා තිබුණේ තවම ආදරයක්‌ සොයනවා කියලයි. 

ඔය අතරේ ඇය ගැන එක එක කතා ආරංචි වුණා. ඉන් කතාවක්‌ තමයි මාධ්‍යයට වගේම දේශපාලන ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්‌ සමග විවාහවෙලා සිටිය අයෝමි දික්‌කසාද වෙලා කියලා.


මේ ගැන අන්තර්ජාලයේ නම් පවසලා තිබුණේ ඇය 2009 වසරේ ජුලි මාසයේ විවාහ වී තිබුණ බවයි. එහිදී වැඩිදුරටත් සඳහන් වුණේ අයෝමි කඩුවෙල සා අධිකරණයේදී මෙම දික්‌කසාදය ලබාගෙන ඇති බවය. ලක්‍ෂ පනහක මුදල් හා දේපළ වශයෙන් ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබුණත් ඇයට ඒ කිසිවත් නොලැබුණ බවයි අන්තර්ජාලයේ නම් සඳහන් වුණේ. 

ඉතිං අයෝමිට ආදරය කරන රසික රසිකාවියන්ට මෙහි සැබෑ තතු කියන්න ඕනෑ නිසා අපි අයෝමිට කතා කළා. හැබැයි ඇය ඒ ගැන කතාබහ කරනවාට නම් වැඩි කැමැත්තක්‌ දැක්‌වූයේ නැහැ. ඒ කොහොම වුණත් ඇය අපට මෙවැනි අදහසක්‌ නම් දැක්‌වූවා. 

ඔය තුට්‌ටු දෙකේ වෙබ් අඩවි කියන කතාවලට මම උත්තර දෙන්න කැමැති නැහැ. ඒ අය හොයලා වෙන්න ඇතිනේ දාන්න ඇත්තේ. ඒ නිසා එයාලගෙන්ම අහන්න. ඔය ප්‍රවෘත්තිය දැම්මේ මගෙන් කිසිම දෙයක්‌ අහන්නේ නැතිව. ඒ හින්දා ඔය වගේ තුට්‌ටු දෙකේ වෙබ් අඩවි මම බලන්නේ නැහැ. තරහාවෙන්න එපා. ඔය ප්‍රශ්නය සම්බන්ධයෙන් මම කතා කරන්න කැමැති නැහැ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all