Photobucket

Monday, December 17, 2012

ඔස්ට්‍රේලියාව ලකුණු 141ක් ඉදිරියෙන්

සටන්කාමී ශතකයක් රැස්කළ තිලකරත්න ඩිල්ෂාන් සහ උපනායක ඇන්ජෙ‍ලෝ මැතිව්ස් එක්ව පස්වැනි කඩුල්ලට වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග හොබාර්ට් නුවර පැවැත්වෙන ‍පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 326ක් ලබාගත්තේය. දෙදෙනා අතර පස්වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 161ක සම්බන්ධතාව ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේ දී වාර්තා කළ හොඳම ටෙස්ට් තරග කඩුළු සම්බන්ධතාවය විය. ඊට පෙර 1989 අරවින්ද ද සිල්වා සහ රවී රත්නායක අතර 7වැනි කඩුල්ලට ලකුණු 144ක් රැස් කරමින් එම වාර්තාවට හිමිකම් කීහ.

පැය 7කට ආසන්න කාලයක් පිටියේ රැඳී සිටි ඩිල්ෂාන් ඊයේ සිය ටෙස්ට් තරග දිවියේ 15වැනි ශතකය ලබාගත්තේය. 

මිචෙල් ස්ටාක්ගේ යෝකර් පන්දුවකට ඔහු දැවීයනවිට ලකුණු 147ක් ලබා සිටියේය. පන්දු 273ක් වැය වූ ඔහුගේ ඉනිමට අලංකාර හ‍තරේ පහර 21ක් ඇතුළත් විය. ඩිල්ෂාන්ට අනගි සහයක් ලබාදුන් මැතිව්ස් ලකුණු 75ක් රැස් කළේය. 

අභියෝගාත්මක ඔස්ට්‍රේලියානු වේගපන්දු යැවීමත්, වේගවත් තණතීරුවක් මැද ශතකයක් වාර්තා කිරීමට ලැබීමෙන් අතිශය සතුටට පත්වන බව ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව ඩිල්ෂාන් පැවැසීය. පන්දු යැවීමේ දී පීටර් සිඩ්ල් කඩුලු 5ක් දවාලීය.

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 114ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියා පිල දිනය නිමාවන විට කඩුලු නොදැවි ලකුණු 27ක් ලබා සිටියේය. 

පෙරේදා සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 450ක් රැස් කරමින් ඉනිම අත්හිටුවීමට ඔස්ට්‍රේලියාව තීරණය කළේය. ශ්‍රී ලංකාව පෙරේදා තරගය නතරකරන විට ලකුණු 87කට කඩුලු 4ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය‍. 

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම ලකුණු 450
ශ්‍රී ලංකාව පළමු ඉනිම

ඩී.කරුණාරත්න ඇ.වෙඩ් ප. හිල්ෆෙන්හෝස් 14
‍ටී‍‍.එම්. ඩිල්ෂාන් ප.‍ස්ටාක් 147
කේ.සංගක්කාර ඇ.හසී ප‍. සිඩ්ල් 4
එම්.ජයවර්ධන ක.මු.ක. ප. වොට්සන් 12‍
ටී.සමරවීර ඇ.වේඩ් ප. ලියෝන් 7
ඒ.මැතිව්ස් ක.මු.ක. ප. සිඩ්ල් 75
පී.ජයවර්ධන ක.මු.ක. ප. සිඩ්ල් 40
එන්.කුලසේකර ඇ.සිල්ක් (අති‍රේක) ප. ලියෝන් 23
ආර්. හේරත් ක.මු.ක. ප. සිඩ්ල් 0
එස්.එරංග නොදැවී 5
සී.වෙලගෙදර ඇ.හසී ප. සිඩ්ල් 0
අතිරේක 9
මුලු ලකුණු සියලුදෙනා දැවී 336
කඩුලු බිඳ වැටීම – 1-25, 2-42, 3-70, 4-87, 5-248, 6-289, 7-316, 8-320, 9-336
පන්දු යැවීම – ස්ටාක් 24-3-104-1, හිල්ෆෙන්හෝස් 12.2-3-30-1, ලියෝන් 25-8-76-2, සිඩ්ල් 25.3-11-54-5, වොට්සන් 20.4- 5- 55-1, ක්ලාක් 2-0-9-0

ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම
ඊ.කෝවන් නොදැවී 16
ඩී.වෝනර් නොදැවී 8
අතිරේක 3
මුලු ලකුණු කිසි‍ෙවකු ‍නොදැවී 27
පන්දු යැවීම – කුලසේකර 6-3-10-0, වෙලගෙදර 5-1-10-
0, ඩිල්ෂාන් 2-0-2-0, එරංග 1-0-4-0
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all