Photobucket

Saturday, December 15, 2012

චණ්ඩ මාරුතය සැමෝවාව අඳුරේ ගිල්වයි

සැමෝවා හරහා හමා ගිය චණ්ඩ මාරුතයකින් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව තවත් සිය ගණනකට ආරක්ෂාව පතා පදිංචි ස්ථාන වලින් පලා යාමට සිදුවු අතර ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානය විනාශවීමෙන් එහි ජනතාවට දෙසතියක් තිස්සේ අඳුරේ ගිලි සිටීමට සිදුවනු ඇතැයි බලධාරිහු ඊයේ ප්‍රකාශ කළහ.

ඉවාන් චණ්ඩ මාරුතය ගස් මුලිනුපුටා දමමින් හා වහලවල් ගලවා දමමින් පෙරේදා සැමෝවාවට කඩාවැදීමෙන් පසු අපියා අගනගරයද ජලගැල්මට ගොදුරුවී ඇත. ඒ අනුව සැමෝවා රජය ආපදා අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර විශාල පවිත්‍රතා ක්‍රියාවලියකට නියෝග කර ඇත. 

ඉවාන්, දශක ගණනාවකින් පසු දක්නට ලැබුණු දරුණු චණ්ඩ මාරුතයක් ලෙස සැලකෙන අතර දෙවැනි වතාවකටත් එය කඩාවදිනු ඇතැයි සැලකී තිබේ. චණ්ඩමාරුතයෙන් ටැනුගමානෝනෝ විදුලි බලාගාරය මුළුමනින්ම විනාශ වී ඇත්තෙන් ඉදිරි දෙසතියක කාලය කට විදුලියලබා දිමට නොහැකි වනු ඇතැයි රජය නිවේදනයක් නිකුත්කරමින් කියා ඇත. ‍

‍රෝහල් හා වෙනත් වැදගත් සේවාවන් සඳහා විදුලි බල උත්පාදක යන්ත්‍ර භාවිතා කෙරෙන අතර ජල සැපයුම්ද අඩාල වි තිබේ. ගස්වැල් හා විදුලිකණු ඉදිරීමෙන් මහා මාර්ග අවහිරවි ඇත. සිය ගණන් පිරිස් ආරක්ෂිත කඳවුරු වලට රොක්ව තිබේ. අපියා හි වායිසිගානෝ නදියේ ඉවුරු බිඳීයාමෙන් පසු ඇතිවු ජලගැල්මේදී ළමයින් ගණනාවක් ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයිද පැවසේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all