Photobucket

Saturday, December 15, 2012

ලොව බොහෝ මරණවලට හේතුව ස්ථූලභාවය

ලෝකයේ අද සිදුවන මරණවලින් වැඩි ප්‍රමාණයකට හේතුව කෑම බීම නැතිකම නොව තරබාරුභාවය බව, මහජන ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් සිදු කෙරුන අලුත්ම පුළුල් සමීක්ෂණයක තොරතුරු රැගත් වාර්තාවක් පෙන්වා දෙයි.

2010 වසර පදනම් කර ගනිමින් සිදුකොට ඇති සමීක්ෂණයේදී හෙළිදරව් වී ඇති කාරණා මෙයින් අවුරුදු විස්සකට පෙර පැවැති තත්වය සමඟ තුලනාත්මකව සංසන්දනය කිරීමකුයි, පර්යේෂකයන් විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ.
ඒ අනුව මෙයින් අවුරුදු විස්සකට පෙර බොහෝ මරණවලට හේතුව පෝෂණය අවම මට්ටමක වීම නමුත්, අද බොහෝ මරණවලට හේතු වී තිබෙන්නේ ස්ථූලභාවයයි.

2010 වසර තුල තරබාරුභාවය නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ තිහකට වැඩි බවයි එම වාර්තාව පවසන්නේ.

එය මන්දපෝෂණය නිසා සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා තුන් ගුණයකටත් අධික ප්‍රමාණයක්.
ලෝකයේ පොදු තත්ත්වය එයවන නමුත්, තවමත් අප්‍රිකානු රටවල සිදුවන අකල් මරණවලින් වැඩි ප්‍රමාණයකට හේතුව මන්දපෝෂණය වන බවත් එම වාර්තාවේ දැක්වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all