ලක්ෂ හතළිහක් වූ පාසල් සිසුන්ට නොමිලේ පෙළ පොත් බෙදාදීමේ ජාතික උත්සවය අද (06)
පෙරවරු 9.00ට මහනුවර ධර්මරාජ විදුහලේ දී පැවැත්වේ.
රුපියල් මිලියන 2400ක මුදලක් මේ සඳහා වැය වී ඇති අතර, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන
භාෂා තුනෙන්ම සම්පාදිත පොත් වර්ග 437ක් මුද්‍රණය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය
මඟින් 2013 වසර සඳහා මුද්‍රණය කළ මේ පොත් සංඛ්‍යාව පොත් මිලියන 37 කි.
අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ
උත්සවය සඳහා අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුණි සොයිසා, මධ්‍යම පළාත්
ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, අධ්‍යාපන
අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ, අධ්‍යාපන ලේකම් ගොඨාභය ජයරත්න මහත්වරු
සහභාගි වෙති.
සුභාෂිනී සේනානායක
0 comments:
Post a Comment