ඒකාබද්ධ ප්රකාශනයට
සියලුදෙනා එකඟ නෑ
තේරීම් කාරක සභාවට
නොබියව මුහුණ දෙන්න
ජනාධිපති සමඟ
සාකච්ඡා කරන්න
බලපෑම් එල්ල කිරීම
සදාචාරයට පටහැනියි
අගවිනිසුරුතුමියට එරෙහිව ක්‍රියාත්මක වන දෝෂාභියෝග සම්බන්ධයෙන්
විනිසුරුවරුන්ගේ සංගම් ඒකබද්ධ යැයි කියන නිවේදනයක් නිකුත් කර ඇතත්, එය
සියලුම විනිසුරුවන්ගේ ඒකමතික තීරණයකට අනුව සකස් කළ නිවේදනයක් නොවන බවද,
එම නිවේදනයෙහි සඳහන්වන්නේ අගවිනිසුරුවරියට පක්ෂග්රාහී සුළු
පිරිසකගේ අභිමතය බව ද අධිකරණ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
දෝෂාභියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහ විනිසුරුවන්ගේ සංගම් කොළඹට
රැස්වී ඇති අතර එම රැස්වීමට අගවිනිසුරුවරිය ද සහභාගී වී තිබේ. සාකච්ඡාවේ
දී ඇති වූ පරස්පරතාවන් නිසා අගවිනිසුරුවරයි සභාවෙන් නික්ම ගොස් ඇත.
ඉන්පසුව විනිසුරුවන් දෙපිළකට බෙදී තර්ක කරන්නට පටන් ගෙන ඇත. එක කණ්ඩායමක්
කියා ඇත්තේ අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවට මුහුණ දී තම නිර්දෝෂිභාවය
තහවුරු කල යුතු බවය. තවත් කණ්ඩායමක් කියා ඇත්තේ අගවිනිසුරුවරිය
ජනාධිපතිවරය හමුවි සාකච්ඡා කළ යුතු බවයි.
යම් පමණ කලහකාරී තත්ත්වයකින් පසුව කණ්ඩායමක් පිටව ගොස් ඇත. ඒ අතර
අගවිනිසුරුවරියට පක්ෂග්රාහි කණ්ඩායමහක්
තම මතයට අනුව උක්ක නිවේදනය නිකුත් කර තිබේ. අගවිනිසුරුවරිය සමඟ පැවැති
සාකච්ඡාවකින් පසුව නිකුත් කළ මේ ඒකාබද්ධ නිවේදනය අගවිනිසුරුවරිය
නියෝජනය කරන සුළුතරයකගේ අදහසක් පමණක් බවත් එමගින් බහුතර මතය නියෝජනය
නොවන බවත් එම නිවේදනය පූර්ව සැලසුමක් බවත් විනිසුරු රැස්වීමට සහභාගී වූ
විනිසුරුවෝ පවසති.
සම්ප්‍රදායානුකූල මතයට පටහැනිව ක්‍රියා කළ
අගවිනිසුරුවරිය එකවර මහේස්ත්‍රාත් දිසා හා මහාධිකරණ විනිසුරුවරුන්
කැඳවමින් සිය දෝෂාභියෝගය පිළිබඳ පසුගියදා (03) අදහස් පළ කළේය.
එම රැස්වීමට පැමිණි බහුතර විනිසුරුවන්ගේ් මතය වූයේ අගවිනිසුරුවරිය
ව්‍යවස්ථානුකූලව දෝෂාභියෝගයට මුහුණ දිය යුතු බවය. ව්‍යවස්ථානුකූල හා
නීත්‍යානුකූල ක්‍රියාදාමයකට සිදුවන දෝෂාභියෝග ක්‍රියාවලියට
විනිසුරුවරුන් ලෙස බලපෑම් එල්ල කිරීම සදාචාර සම්පන්න නොවන බවත් එය
විනිසුරුවරුන්ට තරම් නොවන බවත් ඔවුහු අවධාරණය කළහ.
මේ ක්‍රියාදාමය ජනාධිපතිවරයාට දැනුම් දී නතර කිරීම යෝග්‍ය වන බව තවත්
පිරිසකගේ මතය වී තිබේ. මේ අදහස් ඉදිරිපත් කළ විනිසුරුවරුන් පසුව
රැස්වීමෙන් පිටව ගොස් ඇති අතර තවත් පිරිසක් රැඳී සිටිමින් ඒකාබද්ධ නිවේදනය
මාධ්‍යයන්ට යොමු කර ඇත.
0 comments:
Post a Comment