පාසල් ගුරුවරයෙක් හා උපකාරක පංති ගුරුවරයෙක් සැකපිට දැලේ
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වසර අවසන් වාර විභාගයේ නවය හා දහය ශ්‍රේණි
ගණිතය ප්‍රශ්න පත්‍රය නියමිත දිනට පෙර සිසුන් අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
මාතර කොට්‌ඨාස වංචා විමර්ශන අංශය විසින් උපකාරක පන්ති ගුරුවරයකු සහ පාසල් ගුරුවරයකු
ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පාසල් ගුරුවරයා මාතර උපකාරක පන්තියට ගිය සිසුවියන්ගෙන් එම ප්‍රශ්න පත්‍රය
ලබාගෙන අඟුණකොළපැලැස්‌සේ සම්මන්ත්‍රණයකදී සාකච්ඡා කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවට
පොලිස් පරීක්‌ෂණවලදී හෙළි වී ඇත. ප්‍රශ්න පත්‍ර දෙකම පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස්
අධිකාරි සිසිර කුමාර, පො.ප. පී. ඒ. විෙ-සේන, පො. සැ. 25405 ගමගේ, 28323 කපිල, 55806
සුනිල් යන මහත්වරු පරීක්‌ෂණ පවත්වති.
මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
දිවයින ඇසුරින් පලකරන ලදී.
Wednesday, December 5, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment