Photobucket

Friday, December 14, 2012

ස්පයිස් ගර්ල්ස් කණ්ඩායමේ කතාව ඇතුළත් නාට්‍යයක්

සුප්‍රකට ‘ස්පයිස් ගර්ල්ස්’ සංගීත කණ්ඩායමේ කතාව ඇතුළත් ‘විවා ෆෝඑවර්’ නමැති සංගීතමය නාට්‍යයේ මංගල දර්ශනය පසුගියදා ලන්ඩන් නුවර පැවැත්වුණු අතර ඒ නැරඹීම සඳහා ගායන කණ්ඩායමේ සාමාජිකාවන් පස්දෙනාද එක්වූ බව කියැවේ. 

ජෙනිෆර් සෝන්ඩර්ස් විසින් රචනා කරන ලද මෙම නාට්‍යයට වස්තු බිජය වී ඇත්තේ රූපවාහිනි රියැලිටි වැඩසටහනක් හරහා අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් කාන්තා සංගීත කණ්ඩායමේ කතාවයි. මංගල දර්ශනයෙන් අනතුරුව මෙලනි කිස්හෝම්, මෙලනි බ්‍රවුන්, එන බන්ටන්, වික්ටෝරියා බෙකම්, කෙරි හැරිවෙල් යන ස්පයිස් ගර්ල්ස් සාමාජිකාවන් නාට්‍ය වෙනුවෙන් සිය ස්තුතිය පුද කර සිටි බව කියැවේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all