Photobucket

Wednesday, December 19, 2012

බීමත් රියදුරා පස්දෙනෙක් රෝහලට යවයි

බළන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේදී 18 වැනිදා පස්වරු 4.00 ට පමණ බදුල්ල දෙසින් බළන්ගොඩ දෙසට පැමිණි ඩිමෝ බට්ටා ලොරිය පාරෙන් ඉවතට ගොස් ගේට්ටුවක වැදී අනතුරට පත්ව තිබේ. අනතුරින් අසල සිටි පුද්ගලයින් දෙදෙනෙක් හා රථයේ ගමන් කළ තිදෙනෙක් ද තුවාල ලබා බළන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබේ. 

තුවාල ලැබු පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දෙදෙනෙක් වෙති. අනතුරට ලක්ව ඇත්තේ ‍ ඩබ්.එස්. පොඩිමහත්තයා එච්. ජයසූරිය එච්. ලාලනී එච් නිරෝෂා නයෝමි ජයසූරිය හා එච් නදීෂා ලක්ෂානි අයවෙති. අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බීමත්ව රියපදවා ඇති බව පොලිස් පරීක්ෂණ වලින් තහවුරුව ඇත. රියදුරු එච්. ඒ. චන්ද්‍රසේන බළන්ගොඩ පොලිස් අත්අඩංගුවේ පසුවන අතර අද දින බළන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරට ලක්ව ඇත්තේ මග සිටි පුද්ගලයා හැරුණු කොට එකම පවුලේ පිරිසකි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ පැවති විසිරයාමේ උළෙලකට සහභාගිවී එන අතරතුර අනතුරට මුහුණපා ඇත.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all