Photobucket

Wednesday, December 19, 2012

බිරිඳගේ ගෙල සිරකර මරා දරුවාගේ ගෙලත් මිරිකුවා

රත්මලානේ ත්‍රිත්ව ඝාතනය :

මම බිරිඳ සමග රණ්‌ඩු වෙනකොට බිරිඳගේ ගෙල සිරකළා. දරුවා හඬාගෙන එනකොට දරුවාගේ ගෙලත් සිරකළා" යෑයි රත්මලානේ ගොළුමඩම හන්දිය අසල අභිරහස්‌ ලෙස මියගිය පාසල් ගුරුවරිය සහ දරු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටින මියගිය ගුරුවරියගේ සැමියා පොලිසියට පාපොච්චාරණයක්‌ කර ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග (18 වැනිදා) පැවසීය.

මොරටුව වේල්ස්‌ කුමරි විද්‍යාලයේ පාසල් ගුරුවරිය, ඇයගේ තුන් හැවිරිදි සහ මාසයක්‌ වයසැති දරුවන් දෙදෙනා නිවස තුළ (17 වැනිදා) පිළිස්‌සී අබිරහස්‌ ලෙස මියයැම සම්බන්ධයෙන් කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මිකා ආරියරත්න මහත්මිය විසින් ඊයේ (18 වැනිදා) පශ්චාත් මරණ පරීක්‌ෂණය පවත්වා ගුරුවරියගේ සහ තුන් හැවිරිදි දරුවාගේ මරණයන් ගෙල සිර කිරීමෙන් සිදුවී ඇති බව නිගමනය කරන ලදී. කුඩා දරුවාගේ මරණය හුස්‌ම හිරකිරීමෙන් සිදුවී ඇති බවද හෙළිවී ඇත.

ඒ අනුව පොලිසිය (18 වැනිදා) ගුරුවරියගේ ස්‌වාමිපුරුෂයා සහ කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබිණි.

මෙම ඝාතන සැමියා තනිව සිදු කළේද එසේ නැත්නම් තවත් අයගේ සහාය ලබාදී ඇතිද යන්න සහ ඝාතනය කිරීමට හේතුව පිළිබඳව සොයා ගැනීමට පොලිසිය (18 වැනිදා) රාත්‍රියේ දී පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබිණි.

ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක කමල් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති එරික්‌ රෝහිත, කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all