Photobucket

Wednesday, December 19, 2012

අනුරපුර ප්‍රධාන වැව් කීපයක වාන් දොරටු විවෘත කෙරේ

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල ඇද හැළෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන වැව් කීපයක ජල මට්‌ටම ශීඝ්‍රයෙන් ඉහළයැම නිසා ඒවායේ හදිසි වාන් දොරටු විවෘත කිරීමට මහවැලි බලධාරීහු හා වාරිමාර්ග නිලධාරීහු (18 දා) පියවර ගත්හ. මේ අනුව රාජාංගණය, කලාවැව, පදවිය හා ඒරුවැව යන වැව්වල වාන් දොරටු මෙලෙස විවෘත කොට ඇත. රාජාංගණය වැවේ වාන් දොරටු අටක්‌ අඩි හතර බැගින් විවෘත කොට ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි නවදහසක ජල ධාරිතාවයක්‌ බැගින් කලාඔයට මුදාහැර ඇති බව රාජාංගණය වාරිමාර්ග කාර්යාලයේ ප්‍රකාශකයකු "දිවයින"ට පැවැසීය.
මේ අතර කලාවැව වාන් දැමීම ආරම්භවීමත් සමග එහි වාන්දොරටු දෙක අඩි හතක්‌ බැගින් විවෘත කොට ඇති අතර ඒමගින් තත්පරයට ඝන අඩි හය දහස්‌ හයසියක ජලධාරිතාවක්‌ බැගින් කලාඔයට මුදාහැර තිබිණි.

මේ අතර (18 දා) ඇද හැළුණු වර්ෂාවත් සමග මල්වතුඔයේ ජල මට්‌ටම ශීඝ්‍රයෙන් ඉහළයැම නිසා අනුරාධපුර පූජා භූමියට ප්‍රවේශවන විකල්ප මාර්ගයක්‌ වන මල්වතුඔය පටුමග මාර්ගයේ පාලම ජලයෙන් යටවීම නිසා එහි වාහන ගමනාගමනයට බාධා එල්ල විය.

කලාඔයේ ජල මට්‌ටම ඉහළ යැමත් සමග ඒ අවට පහත් බිම් රැසක්‌ ජලයෙන් යටවී තිබේ.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all