Photobucket

Wednesday, December 19, 2012

වෑන් රිය උඩට ගසක් කඩා වැටී තිදෙනෙක් මරුට: හතක් රෝහලේ

රත්තොට උපන් දින සාදයට ගොස් එන අතරමඟදී

මාතලේ රත්තොට ගම්මඩුව පාරේ සියඹලාබොක්ක අසළදී ගමන් කළ වාහනයක් මතට ගසක් කඩා වැටීම නිසා තිදෙනකු මිය ගොස් 7 දෙනෙකු රත්තොට රෝහලට ඇතුළත් කොට ඇත. පොළොන්නරුව – මනම්පිටියේ සිට ගම්මඩුව ප්‍රදේශයේ උපන්දින සාදයකට පැමිණි පිරිසක් සාදය අවසානයේ ආපසු ගමන් කිරීමේදී මේ අනතුර සිදුවී ඇත.

එම තුවාලකරුවකු පැවැසුවේ එම සාදයට වැඩිහිටියන් 14ක් හා දරුවන් 7ක් මේ ගමනට සහභාගි වූ බවයි. සිද්ධියෙන් මරණයට පත්වූ අය අතර කාන්තාවක් ද සිටී.

රෝහල් ගත කළ පිරිස අතර ඇගේ දරුවන් දෙදෙනා සහ ස්වාමි පුරුෂයා ද වෙයි. එහි ගමන්ගත් පිරිස එකම ඥාතීන් පිරිසකි.

(17) දා සවස 5 ට පමණ මේ අනතුර සිදුවී ඇති අතර රත්තොට පොලිසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන් හා එක්ව එම වාහනය මත වැටී තිබූ විශාල ගස කපා ඉවත් කොට එහි සිටියවුන් බේරාගත් අතර මිය ගිය අයගේ සිරුරු ද රත්තොට රෝහලට ගෙනැවිත් බාර දී තිබුණි.

වාහනයේ රියැදුරු ද තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all