Photobucket

Tuesday, December 25, 2012

තල්පිටිය හරස්පාරේ දී වෑන් රිය දුම්රියේ හැපී රියැදුරා මරුට

වාද්දුව තල්පිටියේ ආරක්ෂිත දුම්රිය 24/12/12 හරස් පාරේදී වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් රාත්‍රී 10.30ට පමණ බරපතළ තුවාල ලැබූ වෑන්රථ රියදුරෙක් පාණදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

මෙසේ මිය ගොස් ඇත්තේ ජා ඇළ කොටුගොඩ මිරිස්වත්තේ පදිංචි 58 හැවිරිදි රියදුරෙකු වූ කිරි ගම් හෙට්ටිගේ අයිවන් ගුණතිලක පෙරේරා බව පාණදුර හදිසි මරණ පරීක්ෂක ඩී.ඇම්.අධිකාරි විසින් සඳුදා 24 දා පැවැත්වූ මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

සෙනසුරාදා රාත්‍රී මරදානේ සිට අලුත්ගම බලා වෙරළ බඩ දුම්රිය මාර්ගයේ ගමන් කළ දුම්රියේ වෑන් රියක් ආරක්ෂක දුම්රිය කපොල්ලේදී ගැටීමෙන් වෑන්රථය මීටර් 200ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇත. බරපතළ තුවාල ලැබූ වෑන්රියදුරු පාණදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

මේ දුම්රිය කපොල්ලේ ආරක්ෂාව සඳහා තල්පිටිය ප්‍රදේශයේ හෝටල් හිමිකරුවන් විසින් දුම්රිය හරස් පාරට ගේට්ටුවක් දමා මුරකරුවෙකුද යොදවා ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී මුරකරු විසින් දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා දමා නැති බවත් ඔහු එහි නොසිටි බවත් පොලිස් පරීක්ෂණයේදී අනාවරණය විය.

මරණකරුගේ මරණය සිදුවී ඇත්තේ ඔහු පදවාගෙන පැමිණි වෑන්රථය දුම්රියක ගැටීමෙන් බව මරණ පරීක්ෂණයේදී තීන්දු කෙරිණි. පාණදුර සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. සුබ්‍රමනියම් මහතා වෛද්‍ය වාර්තාවේ සඳහන් කළේ අනතුරකින් ශරීරයට සිදුවූ බහුවිධ තුවාල නිසා මරණය සිදුවී ඇති බවය. වාද්දුව පොලිසියේ උපපොලිස් පරීක්ෂක ලයනල් මහතා පරීක්ෂණ පැවැත්වීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all