දිඹුලාගල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අළුත්ඔය අංක 145/1 නිවසේ පදිංචිව සිටින යූ. ජී.
අයේෂා සංදීපනී (10) ඉගෙනීමට මෙන්ම චිත්‍ර කලාවට දක්ෂ ශිෂ්‍යාවකි. පළමුවැනි
ශ්‍රේණියේ සිටම දක්ෂතා දක්වා ඇති ඇය 2004 වසරේ දිස්ත්‍රික් මට්ටමේ තරගවලින්ද
ජයග්‍රහණය ලබා ඇත. ඇයගේ පියාවන යූ. ජී. චන්දන උදය කුමාර (30) ට ස්ථිර රැකියාවක්ද
නොමැති අතර එදිනෙදා කුලීවැඩ කරමින් සිටී.
තම දියණියගේ දක්ෂතා කුඩා කල සිටම දුටු ඇයගේ පියා දිනපතාම කිසිදු අඩුපාඩුවක් නැතිව ඉගැන්වීමට යොමු කර ඇත්තේ විභාගවලින් ජයග්‍රහණය ලබා ගැනීම සඳහාය. එහි ප්‍රතිඵලයක් ලෙස අයේෂා සංදීපනී මෙවර ශිෂ්‍යත්වයෙන් ලකුණු 162 ක් ම ලබා සමත් වීම ඔහුට මහත් ධෛර්යයක් වී ඇති බව චන්දන උදයකුමාර පවසයි. මෙම සියලු ජයග්‍රහකයන් ලබා ඇත්තේ කුඩා නිවසක කුප්පි ලාම්පු එළියෙනි. අයේෂාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා පොත්පත් මෙන් මූල්‍ය පහසුකම්ද නොමැති නිසා අපහසුතාවට පත්වී ඇති බව ඇය පැවසුවාය. තම අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් පසු අනාගතයේදී වෛද්‍යවරියක් වීමට ඇය අපේක්ෂා කරයි. මෙම ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා හැකි අයුරින් සහාය ලබා දෙන ලෙස අයේෂා සංදීපනී ඉල්ලා සිටියාය. ඇගේ ලිපිනය යූ. ජී. අයේෂා සංදීපනී, අංක 145/1, අළුත්ඔය, පො/අරලගන්විල.
0 comments:
Post a Comment