කාලයක් තිස්සේ නොවිසඳී මහත් ගැටලුවක්ව පැවැති ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවට
විසඳුමක් වශයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන්
මහතාගේ මැදිහත්වීම මත “රන්බිම අරුණලු” ව්‍යාපෘතිය මගින් පළාතේ ජනතාව වෙත ඉඩම්
හිමිකම් බලපත්‍ර විසි දහසක් (20,000) ලබාදීමට පියවර ගැනේ.
එම වැඩපිළිවෙළ යටතේ ප්‍රථම බලපත්‍ර ප්‍රදානය ඉකුත් දා (07) විලච්චිය පේමඩුව
සුමංගල පිරිවෙන් භූමියේදී ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්
සිදුකෙරිණි.
එහිදී ඉඩම්ලාභීන් දෙසිය අසූ දෙදෙනෙක් සඳහා බලපත්‍ර ප්‍රදානය සිදුකළේය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතා, අද අපි ලබා
දෙන්නේ ඉඩමක මූලික අයිතිය සහතික කෙරෙන දීමනා පත්‍රයයි.

එය ඡන්ද කාලයට පමණක් සීමා නොවන වැඩපිළිවෙළක් වශයෙන් අද මේ වැඩසටහන මම
ක්‍රියාත්මක කිරීම තුළින් පෙන්නුම් කළා. එදා මේ ප්‍රදේශවල ජනතාවට ඉඩම්
බලපත්‍ර නොව මේ ඉඩම් අත්හැරලා යන්නයි සිදුවෙලා තිබුණේ.
ත්‍රස්තවාදී යුද්ධයෙන් බැටකමින් සිටි ජනතාවට ජනාධිපතිතුමා නිදහස ලබා
දුන්නා. අද මේ ඉඩම්වලට වටිනාකමක් ලැබී තිබෙනවා. ඉඩම් සඳහා තම තමන්ගේ ජීවිත
සඳහා අනාගතය සඳහා වඩ වඩාත් වටිනාකමක් ලැබී තිබෙනවා. ඉඩම ලබාගෙන නිකන් ඉන්න
එපා. දිවි නැඟුම හරහා එය සංවර්ධනය කිරීමට ඔබට අවස්ථාව ලබා දී තිබෙනවා. අපේ
පාරම්පරික ගෙවත්ත නැවත ඉදි කරන්නට ඒ තුළින් රටේ ආර්ථිකයට දායක වන ලෙස තමා
ඉල්ලා සිටින බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී බලපත්‍ර විසිදහසක් ලබාදීමේ ව්‍යාපෘතියේ ප්‍රථම ඉඩම් බලපත්‍රය
ඇලයාපත්තුව කුඩාසියඹලාවැව පදිංචි ආර්. එම්. ලසන්ත සම්පත් බණ්ඩාර ගොවි
මහතාට ප්‍රධාන ඇමැතිවරයා විසින් ප්‍රදානය කලේය.
චුල බණ්ඩාර කුලසේකර
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment