එළැඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ අවශ්‍ය තරම් තොග නිකුත් කර ඇති බවද එම නිසා
කිසිදු හිඟයකින් තොරව භාණ්ඩ ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වී ඇති බව ද
සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
හාල්,
පරිප්පු, බී ලූනු, අල, වියළි මිරිස්, හාල්මැස්සන්, ටින් මාළු, පාන්පිටි, සීනි,
මුංඇට, කඩල ආදි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අවශ්‍ය තොග සමූපකාර හා සතොස අලෙවි
හල්වලට නිකුත් කොට ඇති බවත් ඇමැතිවරයා කීය.
මේ අතර පාරිභෝගික අවශ්‍යතාවලට මුවාවී
වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට උත්සහා ගන්නා වෙළෙඳුන් සොයා පාරිභෝගික
අධිකාරියේ විශේෂ වැටලීම් ඒකක දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්ම කර ඇති බවද ඒ මහතා
අවධාරණය කෙළේය.
අරුණි මුතුමලී
සිළුමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment