Photobucket

Sunday, December 16, 2012

වෙන්නප්පුවේ මල්කැකුළක් තලලා

වයස අවුරුදු 06 ක බාල වයස්කාර දැරිවියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.අපයෝජනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - වයික්කාල,අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි දැරිවියකි.ඇය දංකොටුව නගරයේ පිහිටි පාසලක 02 වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත
 
සැකකරු පදිංචිව සිට ඇත්තේ අපයෝජනයට ලක්වී ඇති දැරිවිය පදිංචිව සිටි නිවසට යාබද නිවසකය.මේ නිසාම දැරිවිය නිතර එම නිවසට ගොස් ඇත.එසේ ගිය අවස්ථාවක සැකකරු දැරිවියව නිවසේ මුළුතැන් ගෙට කැඳවාගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇති බව පොලීසිය කියයි.

අපයෝජනයට ලක්ව ඇති දැරිවිය ලාබාල තැනැත්තියක නිසා සිද්ධිය වූ දිනය හා වේලාව සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය නොවූ බවද පොලීසිය කියයි.මෙම සිද්ධිය අනාවරණය වීමත් සමගම සැකකරු තමන් පදිංචිව සිටි නිවස අතරහැර පලා ගොස් ඇත‍.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.    
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all