Photobucket

Sunday, December 16, 2012

ටී 56 වෙඩි වරුසාවෙන් සාදය මළ ගමක් වෙයි

උපන්දින සාදයක් පැවැත්වෙන අතරුතුරදී ටී 56 වර්ගයේ ගිනි අවියක් රැගෙන එම ස්ථානයට කඩා වැදුණු නාදුනන පුද්ගලයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු බරපතල තුවාළ ලබා ජීවිතක්ෂයට පත් වූ බවතඹුත්තේගම මූලස්ථාන පොලිසිය පැවසීය. ඝාතකයා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹුත්තේගම රාජාංගනය යාය 01 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදිංචිව සිටි 35 හැවිරිදි එක් දරු පියෙකු වූ ජේ.එම්.එල්. උපුල් තුෂාර නැමැත්තායි.  

(14 )මිය ගිය පුද්ගලයාගේ මිතුරාගේ උපන්දින සාදය පැවැත්වෙමින් තිබියදී යතුරු පැදි හිස් වැස්මක් දමාගෙන ස්වයංක්‍රීය ටී 56 වර්ගයේ ගිනි අවියක් රැගෙන රාත්‍රී 9.00 ට පමණ එම ස්ථානයට පැමිණි පුද්ගලයා මෙම සාදය පැවැත්වූ ජනක සුදර්ශන නැමැත්තෙකු සිටින්නේදැයි විමසා ඇත. ඒ අවස්ථාවේ මිය ගිය පුද්ගලයා හා තරුණයන් පිරිසක් මත් පැන් පානය කර ගී ගයමින් සිට ඇති අතර මිය ගිය පුද්ගලයා ඝාතකයාගේ ටී 56 වර්ගයේ ගිනි අවියක් රැගෙන මෙම ස්ථානයට පැමිණියේ මන්දැයි ප්‍රශ්න කර ඇත.  

දිගින් දිගටම ඝතකයා සමඟ මිය ගිය පුද්ගලයා බහින් බස් වී ඇති අතර ඔහු මෙල්ල කිරීම සඳහා ඝාතකයා පොළවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතත් ඔහු මෙල්ල නොවීම නිසා මිය ගිය පුද්ගලයාගේ පපුවට සහ උරහිස ප්‍රදේශයට වෙඩි තබා ඇත. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාළ ලැබූ පුද්ගලයා බිම වැටී ඇත. ඉන් පසුව ඝාතකයා ජනක සුදර්ශ නැමැත්තා පසුපස එලවමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහෙත් ඔහුට වෙඩි වැදී නැති අතර ඔහු දිව ගොස් නිවස ඉදිරිපිට ඇති වාර් ඇලට පැන පීනා ගොස් ජීවිතය බේරා ගෙන ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි.  

වෙඩි වැදී බරපතල තත්වයේ සිටි මිය ගිය පුද්ගලයා ප්‍රදේශවාසීන් එක් වි රාජාංගනය යාය 01 රෝහලට ත්‍රීරෝද රථයකින් ගොස් ඇතත් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇත. ජීවිතය බේරා ගත් ජනක සුදර්ශන නැමැත්තා පවසන්නේ තමන්ට කිසිදු පෞද්ගලික තරහ කරුවෙක් නොසිටි බවයි. අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all