මිනිසුන් මියෙති. ඉපදෙන සෑම දෙනාම කවදා හෝ
මියෙන බව දන්නා කරුණකි. ඒ මරණ වලට අරුතක් තිබේ. ඒ අරුත
හිමිවන්නෙ ජීවිත වලට ඇති වටිනාකම හේතුවෙන්ය. නමුත් පසුගිය කාලය
පුරා මේ රටේ මිනිසුන් මියෑදුනු බොහෝ සිද්ධි දුටු විට සිතෙන්නෙ
කුමක්ද? මරණයද හෑල්ලු වී ඇති අයුරකි. ඊටත් වඩා මිනිස් ජීවිත
වල වටිනාකම හෑල්ලු වී ඇති බවෙකි.
සැබැවින්ම
මෙවැනි සටහනක් තබන්නට මූලික හේතු අකාලයේ මියෑදෙන මිනිස්
ජීවිත වල කතාන්දරය වුවත් රත්මලානේ ත්‍රිත්ව මිනී මැරුමෙහි
දෝංකාරය තවමත් අපේ සිත් කම්පනය කරවන්නකි. පියකු තම ලෙයින් උපන්
නොදරුවෙක් ගෙල සිරකර මරා දමන්නෙ කෙලෙසින්ද? එය සිතක යන්තම් හෝ
තෙතමනයක් ඇති ඕනෑම මනුෂ්‍යයෙකුට අදහාගත නොහැක්කකි. නමුත් ඒ
පාපතර සිතින් උපන් සිතිවිල්ල ෙ€දවාචකයක්ම සිදුකර තිබේ.
මේ ඝාතනයේ සැකකරුවා වන විජයමුනි මධුරංග තමන්ගෙන් ජාතක වූ දරු
දෙදෙනාත් බිරිඳත් මරා දැමීමට තරම් දරුණු වූයේ අනියම් ඇසුරක්
හේතුවෙනි. සමහරු එයට අනියම් ප්‍රේමය කියා අර්ථකතන දෙති. නමුත්
එසේ කීම ප්‍රේමය යන උත්තරීතර වචනයට කරන නිඟාවකි. සැබෑ
ප්‍රේමණීය සිත් තුළ මෙවැනි තිරිසන් සිතුවිලි නූපදී. එවැනි සිත්
බෙහෝවිට සංවේදීය. එබැවින් මේ නම් ප්‍රේමයක් නොව ආශාවට ලොල් වූ
ඇසුරක් බව පැහැදිලිය. මේ අනියම් ඇසුරට පාලම තනන්නේ අද
ජනප්‍රිය අන්තර්ජාල වෙබ් අඩවියක් වන ෙµaස් බුක්ය. මධුරංග
මීගමුව ප්‍රදේශයේ අවිවාහක තරුණියක හැඳින ගන්නේ එම වෙබ් අඩවිය
මගිනි. පොලිසියට කට උත්තර ලබා දී ඇති ඔහු කියා ඇත්තේ ෙµaස්
බුක් මගින් හඳුනාගත් මේ තරුණියට තමන් පෙම් කළ බවය. නමුත්
තමන්ගේම දරුවන් හා බිරිඳ ඝාතනය කරන අවස්ථාව වන විට එම ෙµaස්
බුක් ඇසුර සති තුනක ඇසුරක් බව සඳහන්ය. එම තරුණියද ජර්මානු
භාෂාව උගන්වන ගුරුවරියකි.
ඇය මධුරංග විවාහ වූ පුද්ගලයකු බව නොදන්නා බව පොලිසිය හමුවේ කියා ඇත.
මධුරංග විවාහ වී සිටියේද ගුරුවරියක වූ සඳමාලි ප්‍රනාන්දු සමගය. ඝාතනයට ලක්වන විට ඇය වේල්ස් කුමරි විදුහලේ ගුරුහරුකම් කළාය. මධුරංගගේ හා සඳමාලිගේ විවාහයට හේතු වන්නේද 2003 වසරේදී ඇතිවන ප්‍රේම සබඳතාවකි. එම ප්‍රේමය 2006 වසරේ මැයි අටවැනිදා පැවැති සුබ මොහොතින් කැදැල්ලක් තැනුවේය. මධුරංග ඒ වනවිට පදිංචිව සිටියේ අම්බලන්ගොඩ අකුරලය. එහෙත් විවාහයෙන් පසු ඔවුන් කල්දෙමුල්ල අලුත් නිවසක් ඉදිකර පදිංචි විය.
මේ කැදැල්ලට අලුතින් එක් වූයේ කුෂාන් සඳරුවන්ය. ඒ ඔවුන් දෙදෙනාගේ පළමු දරුවාය. ඉෂාන් භානුක ඉපිද තවම මසකට වඩා නැත. ලෝකයේ හොඳ නරක ගැනවත් හරි හැටි නොදන්නා මේ සමනල පැටවුන් ඝාතනය කළ ආකාරය ලිවීම පවා අපට සිත රිදෙන සුළුය. නමුත් අනියම් ඇසුරෙන් මත්ව සිටි මේ සැකකරුවා මතු දවසක ඒ ඇසුරෙහිම පහස පතා ම්ලේච්චත්වයට ක්‍රියාවෙහි යෙදවිය.
ඒ අපරාධය වන විට සඳමාලි සහ දරු දෙදෙනාම සිට ඇත්තේ සුව නින්දකය. ඒ මොහොතේ මධුරංග කාමරයට ඇතුල් වන්නේ ඒ කිසිවකුට නොඇසෙන ලෙසය. එසේ ඇතුළුව ඔහු බිරිඳගේ ගෙල සිර කරන විට ඇය ඒ වේදනාවෙන් දඟලමින් කෑගසා ඇත. මවගේ කෑ ගැසීමෙන් අවදි වූ තුන් හැවිරිදි පුංචි කුෂාන් ආච්චියේ කියමින් කාමරයෙන් එළියට දිව යන්නෙ සිදුවන දෙයින් බියවී ගෙනය. නමුත් බිරිඳව මරා දමා එම නොදරුවාද ඩැහැගන්නා මේ පාපතර පියා ඇඳේ හිටගස්සවා දරුවාගේද ගෙල සිර කර මරා දමන්නේය. අනතුරුව පුංචි කිරිකැටියා (ඉෂාන්) මවගේ පයෝදර වලට ලංකර තබා ප්‍රාණය නිරුද්ධ බිරිඳගෙ සහ තම දරුවාගේ සිරුරු වලට සුවඳ විලවුන් ඉස ගිනි අව්ලන්නේය. මසක් වයසැති පුංචි ඉෂාන් මව් තුරුලේම මිය යන්නේ පියා විසින් ඇති කළ එම ගින්න නිසා ඇතිවූ දුමෙනි. මුලදී විවිධ වැල්වටාරම් කියා අවසන මේ ඝාතනය ගැන ඔහු පොලිසිය හමුවේ හෙළිකර ඇත්තේ එවැන්නකි.
එහෙත් ඝාතකයාගේ සැලසුම පැහැදිලිය. ඔහුට අවශ්‍ය වූයේ මේ මිණී මැරුම පිටස්තරින් පැමිණි පුද්ගලයකු කළ බව ඒත්තු ගැන්වීමය. නමුත් පොලිසිය දිගින් දිගටම ඔහුගේ ඇගේ තිබුණු සීරීම් තුවාල ගැන සැක සිතී ප්‍රශ්න කරන විට තමන් කළ අපරාධය හෙළි කරන්නට සිදුවිය. එහෙත් ඊටත් පසු ඔහු මේ ඝාතන සිදුකළේ බිරිඳගෙ පැවැති අනියම් සබඳතාවක් නිසා බව කියමින් පොලිසිය නොමග යවන්නට උත්සාහ කළේය. නමුත් ඔහුගෙන් ප්‍රශ්න කරන අතර තුර පොලිස් පරීක්ෂණ වෙනත් පැති ඔස්සේද සිදුවන විට බිරිඳගේ අනියම් සබඳතාවක් ගැන ඔහු කියා ඇත්තෙ බොරුවක් බව පරීක්ෂණ කරන නිලධාරින්ට වැටහිණි. අවසානයේ මධුරංගට තමන් කළ අපරාධය අකුරක් නෑ පොලිසිය හමුවේ හෙළිකරන්න සිදුවිය.
කෙසේ නමුත් මේ ඝාතකයා සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වූ තරුණියද ඔහුට මුලාවී එම සම්බන්ධය ඇතිකර ගෙන ඇති බවද හෙළිව තිබේ. එසේම මේ ඝාතන සැකකරු වන මධුරංග ඔවුන්ගේ දෙමාපියන් හදාවඩාගත් දරුවෙක් බවද දැන් හෙළිව තිබේ.
පසුගිය සතිය පුරාම මාධ්‍ය මගින් හෙළි කළ මේ ෙ€දවාචකයේ කතාව මේ වන විටත් ඔබ නොදන්නවා වන්නට නුපුළුවන. නමුත් නෑසිය යුතු අපරාධයක් ලෙස ඉවත දමනවා පමණක් නොවන පසුගිය කාලය පුරා වර්ධනය වන මෙවැනි අපරාධ වලින් අප වටහා ගත යුතු දෙයක් තිබේ.
අද අපි ජීවත්වන සමාජයේ මිනිස්කම ගුණධර්ම පිරිහෙමින් ජරාජීර්ණ තත්ත්වයට පත්වෙන බව මුලින්ම අප තේරුම්ගත යුතුව ඇත. රත්මලානෙ ත්‍රිත්ව ඝාතනය මෙන් පසුගිය කාලයේ සිදුවූ බොහෝ සාහසික අපරාධ වලට මුල්හේතුව වී ඇත්තේ අනියම් ඇසුරය. මේ අනියම් ඇසුරට මිනිසුන්ගේ සිත් යොමුවන්නෙ කෙලෙස් වලින් සිත් දූෂිත වන නිසාය. වෙනත් විදියකින් නම් මේ අනියම් ප්‍රේමය නොව රාගයකි. රාගය බලවත් වූ විට මිනිසාගේ ප්‍රකෘත්ති මනස විකෘත්ති වන්නේය. සමාජයක විකෘත්ති මනස ඇතිවුන් සිටින විට ඒ සමාජයේ සැහැසිකම් අපරාධ වැඩිය. රාගය තව තවත් මුදුන්පත් කර ගැනීමට ඔවුන් විකෘති මනසින් තම ලෙයින් උපන් දරුවන් ඝාතනය කරන්නේය. මව පියා නොහැඳින ඔවුන් ඝාතනය කරන්නේය. සැබවින්ම ලෝකය විනාශ වන්නේ වෙනත් සාධක නිසා නොව මිනිසුන්ගෙ කෙලෙස් වැඩි වී සිදුවන මේ රාගය නිසාය.
වර්තමානයේ සිදුව ඇති මේ සමාජ පරිහානියට අප අවට ඇති සියලු මාධ්‍යයද වගකිව යුතු බව අපගේ වැටහීමය. අද ටෙලි නාට්‍ය වල වැඩිපුරම ඇත්තේ රාගය ගැන අනියමෙන් කියෑවෙන අසම්මත සබඳතාය. නමුත් මතුපිටදී ඒවා අර්ථ ගැන්වෙන්නෙ පෙම් සබඳතා ලෙසිනි. මේවා බලන මිනිසුන්ගෙ සිත් බිංදුමාත්‍රයක් හෝ රාගයෙන් දූෂිත වනවා විනා සුවපත් වීමක් නම් නොවේ.
අනෙක් අතට රටේ ප්‍රසිද්ධ චරිත හැසිරිය යුත්තේ සාමජයට ආදර්ශවත් වන ලෙසය. නමුත් මේ ජනප්‍රිය චරිත වල පුවත් ලෙස මාධ්‍ය මගින් රස කර පළවන්නේ ඔවුන්ගේ විවාහ සංස්ථාව බිඳ වැටීම ගැනය. අනතුරුව ඔවුන් ලවාම ඒවා සාධාරණීකරණය කිරීමට ඇති තරම් මාධ්‍ය මගින් ඉඩකඩ හිමි වන්නේය. පවුල් ජීවිත අවුල් කරගෙන හිතු හිතු ලෙස විවාහ වන ජනප්‍රිය පුද්ගලයන්ට ඒවා සාධාරණීකරණය කරන්නට ඉඩදීමෙන් සිදුවන්නේ ජනප්‍රිය චරිත ආදර්ශයට ගන්නා අපේ බාල පරම්පරාව ඒ විදියට සිතන්ට පෙළඹීමය. මේවා අපි එතරම් නොසිතන තැන් වුවත් මේ සමාජය කෙමෙන් පරිහානියට පත්ව රාගය හේතුවෙන් අපරාධ සිදුවීමට මේවා බලපාන්නේය.
අපරාධ වැළැක්වීම නීතියට පමණක් කළ නොහැකිය. ධර්මය නැතිව යන කළ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරෙන්නේය. අපරාධ වලට උල්පන්දම් දෙන්නේ තාක්ෂණ පහසුකම් නොව එම පහසුකම් අවකෙළිකම් වල යොදවන මිනිසුන්ය. මේ සාහසික ක්‍රියා පමණක් නොව අද සමාජයේ සිදුවන මේ නොපනත් කම් එලෙස සිදුවන බව බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට කීහ. එසේ සිදුවන්නෙ මිනිසුන් ධර්මයෙන් ඈත්වන නිසාය. බුදුහු එසේ දේශනා කළේ කොසොල් රජ දුටු සිහින 16 යේ තේරුම කියා දුන් අවස්ථාවේය. කොසොල් රජු දුටු සිහින දහසය හැබෑවක් වන අයුරු අද පෙනෙන්නට ඇත.

0 comments:
Post a Comment