අධ්‍යයන
පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව
තහවුරු වී ඇතත්, නැවත වරක් විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය
තීරණය කර ඇත. පුද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් විසින් විද්‍යාව
ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහ නවයක් සම්මන්ත්‍රණයකදී දී ඇති අතර එම ප්‍රශ්න
සඳහා සියලුම සිසුන්ට ලකුණු දීමට අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව ලකුණු දහ
නමයක් සිසුන්ට හිමිවේ. මේ ආකාරයට සියලුම සිසුන්ට ලකුණු දීම නිසා නැවත වරක් විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. විද්‍යාව ප්‍රශ්නපත්‍රය සඳහා ලකුණු දහනමයක් ලැබිම නිසා මෙවර විභාගයේදී විද්‍යාව විෂය සමත්වීමේ ප්‍රතිශතයද ඉහළ යනු ඇත.
විභාගයක් පැවැත්වීමට සතියකට පෙර සියලුම උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර සූදානම් වූ නමුත්, නොයෙක් විරෝධතා මත එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මේ ආකාරයට උපකාරක පංති හා සම්මන්ත්‍රණ විභාගයට සතියකට පෙර තහනම් කිරීමේ නීතිය ගෙන ඒම සඳහා මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය නැවත වරක් යොමුව ඇත.
0 comments:
Post a Comment