Photobucket

Monday, December 24, 2012

ඉන්දියා-එංගලන්ත දෙවැනි 20-20 තරගය

මෝගන්ගේ හයේ පහරින් එංගලන්තයට විශිෂ්ට ජයක්
තරගාවලිය 1-1 ක් ලෙස සම වෙයි
ඉන්දියාව සහ එංගලන්තය අතර තරග 2කින් සමන් විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් අවසන් පන්දුවේදී ජයගත් එංගලන්තය තරගාවලිය 1-1 ලෙස සම කිරීමට සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 20 දී කඩුලු 8ට ලකුණු 177ක් ලබාගත් අතර, එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 181ක් ලබමින් කඩුලු 6ක ජයක් වාර්තා කළේය. 
 
ජයග්‍රහණය සඳහා එංගලන්තයට අවසන් පන්දුවේදී ලකුණු 3ක් ලබාගත යුතුව තිබූ අතර, නායක ඉයන් මෝගන් අශෝක් ඩින්ඩාගේ පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමග එංගලන්තයට විශිෂ්ට ජයක් හිමි විය.

මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් සුරේෂ් රයිනා නොදැවී ලකුණු 35ක්ද, විරාත් කෝලි සහ නායක දෝනි ලකුණු 38 බැගින් ලබා ගත්හ.

පන්දුවෙන් දස්කම් දැක්වූ ලුක් රයිට් සහ ඩර්න්බැච් කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර, බ්‍රෙස්නන්, මීකර් සහ ටේ‍රඩ්වෙල් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 178ක ඉලක්කයක් හඹා යාමේදී එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබා දුන් මයිකල් ලම්බ් සහ ඇලෙක්ස් හේල්ස් මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සම්බන්ධතාවයක් තැබූහ.

ලම්බ් පන්දු 34කදී ලකුණු 50ක් ලබාගත් අතර, හේල්ස් පන්දු 33කදී ලකුණු 42ක් ලබා ගත්තේය.

ඉන්පසු ඉනිමේ බර කරට ගත් නායක මෝගන් පන්දු 26කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 49ක් ලබමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

පන්දුවෙන් දස්කම් දැක්වූ යුවරාජ් සිං ලකුණු 17ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, තරග දෙකකදී කඩුලු 6ක් බිඳ දැමූ ඔහුට තරගාවලියේ වීරයා සම්මානය හිමි විය.

ලකුණු තත්ත්වය :-
ඉන්දියාව පන්දුවාර 20දී 177/8යි (කෝලි 38, රෝහිත් ෂර්මා 24, රයිනා නොදැවී 35, දෝනි 38, ඩර්න්බැච් 37/2, ලුක් රයිට් 38/2
එංගලන්තය පන්දුවාර 20දී -181/4යි (ලම්බ් 50, හේල්ස් 42, මෝගන් නොදැවී 49, යුවරාජ් සිං 17/3)
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all