රත්තොට කිකලොය ඇහැලගස්තැන්න පාළම සහ
කුඹල්ඔලූව මාගල්ලෑව පාළම අසළ රැදී තිබු මිනිස් සිරුරු කොටස් (23) උදේ සොයා
ගෙන තිබේ. අවට ගම්වාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනව මෙමසිරුරු කොටස් සොයා ගත්
අතර බෝධිකොටුව පාළම අසළ තිබූ මළ සිරුරක කොටස්ද 22 දා සොයා ගත් බව රත්තොට
පොලිසිය කියයි.
මෙම මළ සිරුරු කොටස් ඉකුත් 17 දා නිකලොයවත්ත නාය යාමෙන් අතුරුදහන්වූ
පුද්ගලයින්ගේ බවට සැක කරන අතර බෝධිකොටුව පාළම අසළ තිබී හමුවු මළ සිරුරේ
කොටස් නිකලොයවත්ත නාය යාමේදී අතුරුදහන් වූ බවට සැලකෙන එස්.සදාසිවම් ( 53)
නමැත්තාගේ බවට හදුනා ගෙන තිබේ. අද දින හමුවූ සිරුරු කොටස් කාගේදැයි සොයා
ගැනීමේ අපහසුවක් ඇති නමුත් විමර්ශන කටයුතු සිදු කෙරෙන බව රත්තොට පොලිස්
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර බණ්ඩාර මහතා පවසයි.
0 comments:
Post a Comment