ගීතා
කාන්ති ජයකොඩි පසුගිය දවසක තමන්ගේ උපන් දිනය සැමරුවා. හැබැයි මේක බොහොම
චාම් සැමරුමක්. ඇරයුම් කොට තිබුණේ ළඟම හිතවත් කීපදෙනෙකුට විතරයි. මේ උපන් දින සැමරුමේ තිබුණු අනිත් සුවිශේෂීිත්වය තමයි එය ඇගේ ආදරණීය දියණිය පබෝධා විසින් සංවිධානය කර තිබිම. දුව
කිව්වා ඇගේ ස්වාමි පුරුෂයා ඒ කියන්නේ සිදත්ගේ ගෙදර මේ උපන් දින සැමරුම
ලෑස්ති කරමු කියලා... ඇත්තටම මමත් ඒකට කැමති වුණේ සිදත් පුතාගේ තාත්තා
(නිමල් චන්ද්‍රසිරි) හා අම්මා (තිලකා ගලප්පත්ති) දෙන්නත් එක්කත් එදා දවස
ගෙවන්න ඕන නිසයි
ඇත්තටම නිමල් අයියා සහ තිලකා අක්කා දෙන්නා හරිම සුහදශීලීි අය... ඒ අය එක්ක ඉන්න කොට දවස් ගවෛනවා තේරෙන්නේ නැහැ
මේ පුංචි සාදයට පැමිණ හිටියේ ගීතා එක්ක මුල් කාළේ ඉඳලම හිතවත්කම් බෙදාගත්ත කීප පොළක් බව අප ඔබට මුලදි කිව්වා. ඔවුන් අතර කුසුම් පීරිස්, රෝහණ බෝගොඩ, තිලකා රණසිංහ, ලිලානි පෙරේරා යුවළ වගේම ඉන්ද්‍රානි ගුණරත්න වගේ අය පැමිණ හිටියා. ඒ අතර සිටි සුවිශේෂී කෙනා තමයි ගීතාගේ තාත්තා.
කීපදෙනෙකු සහභාගි වුණත් සාදය රසවත් වුණේ විශේෂයෙන්ම සිදත් පුතාගේ තාත්තා වගේම මගේ ගුවන් විදුලි මිතුරා රෝහණ බෝගොඩ නිසයි...
රෝහණ ඒ කාලේ් ඉඳලම එහෙමයි... අපි දවල්ට කන්න කැන්ටිමට ගියාම කියන විහිළු කතා අපිට තවමත් මතකයි... ඇත්තටම ඒ නිසාම අපි හොඳ යාළුවෝ වුණා. මගේ උපන් දින සාදය දවසෙත් රෝහණ කිව්ව කතා හැමෝම අහගෙන හිටියේ හරිම සතුටින්...
රෝහණ බෝගොඩ වගේම එදා දවසේ හැමෝටම හිතවත්කම බෙදා දුන්න අනිත් කෙනා තමයි සිදත්ගේ තාත්තා නිමල් චන්ද්‍රසිරි. ඔහු කලාවට වගේම කලාකරුවන්ට හුඟක් ලැදි ඒ වගේම හිතවත්කම් දක්වන කෙනෙක්.
නිමල් අයියා හරිම සුහදශීලී මනුස්සයෙක්. ඒ වගේම තමයි සිදත්ගේ අම්මා තිලකා අක්කා. ඇයත් එහෙමයි. ඉතිං එදා සාදය පටන් ගත් වෙලාවේ ඉඳලම මට විහිළු කර කර තමයි හිටියේ...
මේ දෙපොළ පබෝධාටත් හරිම ආදරෙයි...
මේ සාදයට ගිහින් සිටි අපටත් පෙනෙන දේ තමයි සිදත්ගේ තාත්තා නිතරම වගේ පබෝධා ගැන කතා කළ එක.
මට හොඳ දුවෙක් ලැබුණා. ඒකට ස්තූතියි.... එයා දැන් මගේම දුව... ඔහු හැම වෙලාවකම එහෙම කිව්වේ හැබෑවටම බව අපි තේරුම් ගත්තා.
මේ විදිහට පුංචි උපන් දින සාදය බොහෝ වෙලාවක් පුරාවට පැවතුණා. පැමිණ සිටි අය එකතුවෙලා ගීත කීපයකුත් ගැයුවා. ඒ විතරක් නමෛයි පබෝධාටත් ගීතයක් ගායනා කරන්න වුණා.
දුව විවාහවෙලා ගෙදරින් එළියට ගියාට පස්සේ
අපේ ගෙදර ඉතුරු වුණේ මමයි තාත්තයි විතරයි. ඉතිං අපි දෙන්න විතරක් උපන් දින
සමරලා වැඩක් නැති නිසා මේ පාර මම නිකම්ම ඉන්නයි හැදුවේ. ඒත් පබෝධා පුංචි
සාදයක් මා වෙනුවෙන් සූදානම් කළා. ඒක ඇත්තටම මටත් ලොකු සතුටක්
ගීතා කිව්වා.
ගීතා කිව්වා.
ගීතා කාන්ති ජයකොඩි කියන ගුවන් විදුලි ශිල්පිනිය, ඒ වගේම ටෙලිනාට්‍ය නිළිය ළඟින් ඇසුරු කරන තවත් කලාකාරියක් තමයි ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිනී කුසුම් පීරිස්. ඇයත් තම මිතුරිය ගැන අපිත් එක්ක මෙහෙම කිව්වා.
ගීතා කියන්නේ බොහොම අහිංසක ඒ වගේම හිතවත් කෙනෙක්. ඇය ජීවත් වෙන්නේ ඇගේ පාඩුවේ. ගුවන් විදුලියට ආ දවසේ ඉඳලාම ඇය මා එක්ක බොහොම කිට්ටුවෙන්. ඇසුරු කළා. ඇත්තටම මමත් ඇයට හරිම ආදරෙයි.
සමහර වෙලාවට මට හිතෙනවා. ඇය පෙර ආත්මෙක මගේ සහෝදරියක් වී සිටියාද කියලත්. ඒ තරම් බැඳීමක් අපි අතර තිබෙනවා. කුසුම් එහෙම කියද්දී ගීතා එක්ක ළඟ ඇසුරක් තිබෙන තිලකා රණසිංහත් මෙහෙම කිව්වා.
අපි එකට වැඩ කළ කාලේ හුඟාක් දේවල් කතා කළා. හිතවත්කම් බෙදාහදා ගත්තා. බොහෝ විට ගීතා විසඳාගත නොහැකි ප්‍රශ්න පවා කතා කළේ අපි එක්කයි...
ගීතා කියන්නේ හොඳ හදවතක් තිබෙන ගැහැනියක්.
කාටවත් කරදරයක් වන විදිහට එයා ජීවත්වෙන්නේ නැහැ. ඕපදූප කතාකරන්නෙත් නැහැ.
මේ නිසාම තමයි අපි හුඟක් කිට්ටු වුණේ. ඒ වගේම මගේ පුතා සාරංග හා පබෝධා
දෙන්නත් පුංචි කාලේ ඉඳලම යාළුවෝ හැටියට ඇසුරු කළා. මම හිතන්නේ ඒකත් අපි
යාළුවෙන්න හුඟාක් හේතු වුණා.
කොහොම වුණත් අපේ පවුල් අතර තිබෙන ඔය හිතවත්කම නිසාම වෙන්න ඇති මටත් මේ සඳහා ඇරයුම් කළේ... තිලකා කිව්වා.
මේ විදිහට පරණ යාළු මිත්‍රයෝ හැමෝම එකට එකතුවෙලා විහිළු තහළු කරමින් ගත කළ ඒ පැය කීපය හැමෝටම අපූරු අවස්ථාවක් වුණු බව නම් කිව යුතුමයි.
0 comments:
Post a Comment