Photobucket

Monday, December 24, 2012

පෞද්ගලික පංති ගුරුවරයාත් සහායකයකුත් අත්අඩංගුවේ

විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීම

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් වැඩදුර ප්‍රශ්න කිරීම සඳහා පෞද්ගලික විද්‍යා ගුරුවරයකු වන සම්පත් අත්තටගේ මහතා මහ ඒ මහතාගේ සහායකයකු රහස් පොලිසිය මගින් පසුගිය 21දා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. 

සම්පත් අත්තටගේ මහතා සහ ඹහුගේ සහායකයා ලබන 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ. පසුගිය 15 වනදා පැවති විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසෙහි අඩංගු ප්‍රශ්න 18ක් පමණ එම ප්‍රශ්න ලෙසින්ම මුද්‍රණය කර පුද්ගලික පන්ති ගුරුවරයකු වූ සම්පත් අත්තටගේ මහතා විභාගයට පෙර සිසුන්ට ලබාදුන් බවට එම සිසුන්ගේ මාපියන් විභාග කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව රහස් පොලිස් පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. ම් සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. ඩබ්ලිව්. පුෂ්පකුමාර මහතා රහස් පොලිසියට පැමිණිලි කළ අතර විශාල පිරිසකගෙන් ප්‍රශ්න කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දිනමිණට ප්‍රකාශ කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all