තිස්සමහාරාම, තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීයාමෙන් පුද්ගලයන් හත්දෙනෙකු
මියගියහ. වන්දනාකරුවන් පිරිසක් ගමන්ගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් මේ අනතුර
සිදුව තිබෙන අතර ඒ අවස්ථාවේදී පුද්ගලයන් 22 දෙදෙදෙකු එහි ගමන්කර තිබෙන බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පෙරේදා (22) පස්වරු 3.40 ට පමණ මේ අනතුර සිදුව තිබෙන අතර ඔවුන් හෝමාගම ප්‍රදේශයේ
කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක් බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර දෙබරවැව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර
තිබෙන අතර මුනිසාමි මාර්ටින් රසික චන්ද්‍රලාල්, කළුතර පටබැඳිගේ අසේල නිරෝෂන්,
බෝපැන්න ලියනගේ රොහාන් තිලකරත්න, නම්බුගේ ශ්‍රීයන්ත පීරිස්, රනිල් චමින්ද කුමාර
යන අය මෙලෙස මියගොස් තිබෙන බවට හඳුනාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක
කාර්යාලය සඳහන් කරයි.
අතුරුදන්වූ මුතුකුමාර් ශ්‍රීධරන් සහ ඩී. මනෝජ් යන අයගේ සිරුරු ඊයේ (23) සොයා
ගන්නා ලදී.
බෝට්ටුවේ ගමන් ගති පිරිසෙන් වැඩි දෙනෙකු බීමත්ව තිසා වැවේ එගොඩ දූපතකට ගොස් ආපසු
එමින් සිටියදී මේ අනතුරට මුහුණ පා තිබෙන බවද ප්‍රමාණය ඉක්ම වූ පිරිසක් මේ
බෝට්ටුව් ගමන් ගැනීම බොහෝ විට මේ අනතුරට හේතුව වන්නට ඇතැයි පොලිස් ආරංචි මාර්ග
පවසයි.
සොයාගත් මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා තිස්සමහාරාම මූලික රෝහලට
ගෙනැවිත් තිබේ. මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (23) පෙරවරුවේ
පැවැත්විණි.
මේ ඛේදවාචකය පිළිබඳ තිස්සමහාරාම පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්ෂක සමරවික්‍රම සරත් මහතා ඇතුළු නිලධාරීහු පවත්වති.
0 comments:
Post a Comment