දසක 4කට වැඩි කාලයකට පසු බටහිර ඉන්දියාවේ ඇතිව තිබෙන දරුණුම නියඟයෙන්
මිලියන ගණන් ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර ජල හිඟය උත්සන්න කිරීමෙහි ලා
නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව හා දූෂණය ඉවහල් වී ඇතැයි විචාරකයෝ
දෝෂාරෝපණය කරති.
මුම්බායි අගනුවරට අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මධ්‍ය කොටස් 1972 පැවැති දරුණුම
නියඟයටත් වැඩි උග්‍ර තත්ත්වයකට මුහුණ දී ඇතැයි ප්‍රාන්ත මහ ඇමැති
ප්‍රිතිවිරාජ් චාවන් පවසා ඇත.
"වාර්තාගත ඉතිහාසයේ මෙතරම් ජලාශ සිඳී ගිය අවස්ථාවක් දක්නට නැති අතර දිනක්
පාසා ඒවායේ ජලමට්ටම පහත බසිනවා "යැයි ඔහු කීවේ පිටපිට දෙවැනි වතාවකට ද මෝසම්
වැස්ස නොලැබීම ගැන චෝදනා කරමිනි. එහෙත් සෙස්සන් අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්තිය
ඊට වගකිව යුතු බව පවසා තිබේ.
පවත්නා තත්ත්වය යටතේ නියඟයට ගොදුරුවූවන්ට අවශ්‍ය ජලය සැපයීමට බවුසර් 2000ක්
පමණ යොදාගෙන ඇති අතර ඒවාට දිනපතා විශාල දුරක් තරණය කිරීමට සිදුව තිබෙන බවත් පශු
සම්පත රැකගැනීම සඳහා ගව කඳවුරු සිය ගණනක් පිහිටුවා ඇති බවත් චාවන්
වැඩිදුරටත් පවසා තිබේ.
ගම්මාන දහසක පමණ ප්‍රමාණයක මිලියන ගණන් ජනතාව මේ නියඟයට ගොදුරුව ඇති අතර
බොහෝදෙනකුට කර්මාන්තශාලා වසා දැමීමෙන් ජීවනෝපාය ද අහිමිව තිබේ. මේ අනුව
උද්ගතව ඇත්තේ සාගත තත්ත්වයක් බව ප්‍රකාශිතය. සමහර තැනක ජල හිඟය නිසා රෝහල් පවා
වැසී ගොස් ඇත.
0 comments:
Post a Comment