කෑගල්ල රංදෙනිය අවන්හලකදී බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට
පහරදීම සම්බන්ධයෙන් සබරගමුව පළාත් සභා එක්‌සත් ජාතික පක්‍ෂ
මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතා සැකපිට (07 වැනිදා)
කෑගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශිකයන් දෙදෙනා (06 වැනිදා) රාත්‍රි පළාත් සභා මන්ත්‍රීවරයාට අයත් අවන්හලට ගිය අවස්‌ථාවේදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුවී ඇත.
පහර කෑමට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු නේවාසික ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කරගෙන ඇතැයි කෑගල්ල කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රියලාල් දිසානායක මහතා පැවසීය.
වෙනත් අවන්හලක රැඳී සිටි විදේශිකයන් දෙදෙනා මන්ත්‍රීවරයාට අයත් අවන්හලට පැමිණ බීර ඉල්ලා සිටි අවස්‌ථාවේදී මන්ත්‍රීවරයා ඔවුන් සමග බහින්බස් වී පසුව පහර දුන් බවට තොරතුරු ලැබී ඇතැයි හෙතෙම කීය.
විදේශිකයන් දෙදෙනා තමන්ට පහරදුන් බවට පවසා මන්ත්‍රීවරයාද කෑගල්ල රෝහලට ඇතුළත් වී සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව කෑගල්ල අධිකරණයට ඊයේ සවස කරුණු වාර්තා කිරීමට නියමිතව තිබිණි.

0 comments:
Post a Comment