ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස
ඔස්‌ටේ්‍රලියාව බලා යැමට සූදානම්ව මාතර මිරිස්‌ස ප්‍රදේශයට
පැමිණ සිටි උතුරු පළාතේ 28 දෙනකු මාතර කොට්‌ඨාස දූෂණ මර්දන
අංශය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගතව සිට
2013.03.05 වැනිදා නැවත මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ්
රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2013.03.19 දින
දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කරන ලදී.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසීක් සරුක් නීතිඥ දශරාඡ් දහනායක යන මහත්වරුන් ඇතුළු නීතිඥවරුන් පවසා සිටියේ සැකකරුවන් වරද පිළිගන්නා බවත්, එම නිසා සහනයක් ලබා දෙන ලෙසත් ය.
තවද සැකකරුවන් අතර ප්‍රසිද්ධ අපරාධකරුවන් ද ඔස්‌ටේ්‍රලියාව බලා යැමට සිට ඇති බවට උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මාතර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ පො. ප. ජයරත්න, පො. ප. විපුල දසනායක සහ පො. සැ. 55804 අශෝක ප්‍රියංකර යන මහත්වරුන් පැමිණිල්ල මෙහෙයවිය.

0 comments:
Post a Comment