Photobucket

Wednesday, March 6, 2013

චාවේස් යළිත් දරුණු ආසාදනයකට ගොදුරු වෙලා

පිළිකා රෝගයෙන් පෙළෙන වෙනිසියුලා ජනාධිපති හියුගෝචාවේස් ඒ සඳහා රස චිකිත්සා ප්‍රතිකාර ලබමින් සිටියදී දරුණු ආසාදනයකට ගොදුරුව ඇති බවත් ඉන් ඔහු‍ හුස්ම ගැනීමේ බරපළ අපහසුතාවකින් පෙළෙන බවත් පෙරේදා එරට රජය ප්‍රකාශ කළේය.

මේ ප්‍රකාශය නිකුත්ව ඇත්තේ 58 හැවිරිදි චාවේස් ප්‍රතිකාර සඳහා දෙමසක් තිස්සේ කියුබාවේ ප්‍රතිකාර ලැබිමෙන් පසු ආපසු පැමිණ කැරකස් හි හමුදා රෝහලකට ඇතුළත් ව සිටියදීය. කියුබාවේදී ඔහු ඉකුත් ජූනිමාසයෙන් පසු සිදුකළ සිවුවැනි පිළිකා සැත්කමටද මුහුණ දී තිබිණ. 

ඔහු ට ප්‍රබල රස චිකිත්සා ප්‍රතිකාර ලබාදෙන අතර පවත්නා ආසාදනය හා ස්වසන අපහසුතාව සඳහාද ප්‍රතිකාර ලබාදෙන බව එරට ප්‍රවෘත්ති ඇමැති එමෙස්ටෝ විලේගස් රෝහලේ සිට නිකුත්කළ නි‍වේදනයකින් පවසා ඇත. ඉකුත් ජනවාරියේ සිටම ඔහු මේ ස්වසන ආසාදනයෙන්ද පෙළෙමින් සිටින අතර එය දැන් උත්සන්න වී ඇතැයි පැවසේ.

චාවේස් කියුබාවේ දී ප්‍රතිකාර ලැබීමෙන් පසු යළි සි‍ය රට පැමිණියේ ඉකුත් 18 වනදාය. ඔහු දැනි තෙමසක් තිස්සේ ප්‍රසිද්ධියේ කථාවක් පවත්වා නැත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන රජය වරින්වර එකිනෙකට පටහැනි ප්‍රකාශ නිකුත් කරයි. මේනිසා ඔහු ගැන සත්‍ය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සියගණන් පිරිස් ඉකුත් ඉරිදා විදි බැස තිබුණේ විපක්ෂයේ මෙහෙයවීම මතය..
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all