සියඹලාණ්ඩුව - අම්පාර මාර්ගයේ කොටාගොඩ 19 කණුව අසලදී පෙරේදා රාත්‍රී (4)
පාපැදියකින් යමින් සිටි දෙදෙනකු රිය අනතුරකට ලක්වීමෙන් මියගොස් ඇතැයි
සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කන්ද උඩ පංගුව ගොවිඳුපුර බෝවල පපදිංචිකරුවන් වන ගාර්දිය
මුදියන්සේලාගේ සරත් (47) දිසානායක මුදියන්සේලාගේ චානක (27) නමැති දෙදෙනාය.
මේ දෙදෙනා පාපැදියෙන් ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි ඔවුන්, දෙදෙනාව
යටකරගෙන නොනවත්වා ගොස් ඇත. අනතුරෙන් පාපැදියේ පිටුපස සිටි අය සහ පාපැදිය
පැද වූ ඩී.එම්. චානක (27) අය අම්පාර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය
ගොස් තිබේ.
අනතුර සිදුකළ වාහනය මෙතෙක් සොයාගෙන නැත. මියගිය අයගේ මරණ පිළිබඳ
පරීක්ෂණ ඊයේ (5) මොනරාගල සහ අම්පාර මහ රෝහල්වලදී පැවැත්වීමට නියමිතව
තිබිණි.
මොනරාගල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මොනරාගල
පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, මොනරාගල සහකාර පොලිස් අධිකාරි අනුර
පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත සියඹලාණ්ඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
0 comments:
Post a Comment