Photobucket

Wednesday, March 6, 2013

ගල් මුල්වලින් හිසට පහර දී ගම්පොළ සිසුවකුට තුවාල කරලා

ගම්පොළ පාසල් කීපයක සිසුන් පිරිසක් එක්ව තවත් පාසල් සිසුවකුට ගල්වලින් හා අතින් පයින් පහරදීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා ගම්පොළ රෝහලින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 18, 17 වයසේ පසුවන සිසුන් හත් දෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වෙත ඉදිරිපත් කොට තිබේ.

බාල වයස්කරුවන් වන මේ සිසුන්හට යෞවන ආඥා පනත යටතේ පරිවාස වාර්තාවක් කැඳවන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කොට නැවත විභාගය ජුනි 06 දිනට කල් තැබීය.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවාට ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ දී මේ පිරිස පහර දී ඇති අතර ගල්වලින් හිසට පහර දීම නිසා ඔහු බරපතළ තුවාල ලබා ඇති බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all