ආහාර රසවත් කිරීම සඳහා යොදන මොනෝසෝඩියම් ග්ලූටමේට් නමැති රසකාරකය
පාවිච්චියට ග්‍රාමීය ප්‍රදේශවලින් අසාමාන්‍ය ඉල්ලුමක් ඇතිවී තිබෙන බවත්, ලොව
පුරා රටවල් සියයකට අධික සංඛ්‍යාවක මේ රසකාරකය භාවිතය තහනම් වුවද ශ්‍රී
ලංකාවේ එවැනි තහනමක් නොමැති නිසාවෙන් වෙළඳසල්වල එය අලෙවිය පාලනය කිරීමේ
අපහසුතාවක් ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉංගිරිය ප්‍රාදේශීය
සම්බන්ධීකරණ කමිටුවේදී කළ සාකච්ඡාවකදී ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරී දිනේෂ විද්‍යාරත්න මහතා පැවැසුවේ, ගම්මට්ටමින් ඇති වෙළෙඳසල්වල
දුම්වැටිවලින් පසු වැඩිම අලෙවි ප්‍රවණතාවක් ඇත්තේ පැරසිටමෝල්වලට බවයි.
මෙවන් අයහපත් පෝෂණ රටාවන් නිසා අද ජනතාවගේ සෞඛ්‍යය පහළ මට්ටමක වැටී ඇති බවත්,
රූපවාහිනියේ ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම් ආදියද මීට ප්‍රධාන වශයෙන් බලපාන
බවත් පවසන විද්‍යාරත්න මහතා, ඕනෑම රෝගයකට ඖෂධ ඇති බව සිතමින් සෞඛ්‍ය,
වෛද්‍යකරණයට ලක්වී ඇති තත්ත්වය වෙනස් කළ යුතු බවත්, වෛද්‍ය නිර්දේශයකින්
තොරව බොහෝ ප්‍රතිජීවක වර්ග මිලට ගැනීමට ඇති හැකියාවද මේ තත්ත්වයේ
භයානකත්වයට රුකුලක් වී ඇති බවත් වැඩිදුරටත් පැවසීය.
0 comments:
Post a Comment